එහෙම නොවුණා නම් මම ගෘහණියක් -මගේ දියණිය ජනපි‍්‍රය චරිතයක් වෙනවට මම කැමැති නැහැ - සේමිණි ඉද්දමල්ගොඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 18, 2020

එහෙම නොවුණා නම් මම ගෘහණියක් -මගේ දියණිය ජනපි‍්‍රය චරිතයක් වෙනවට මම කැමැති නැහැ - සේමිණි ඉද්දමල්ගොඩ

අවස්ථා ගණනාවකදී නිර්දේශිත නාමයන් 
අතරට පැමිණියත් සම්මානය හිමි වුණේ නැහැ
මම කැමැති නෑ ඇය ලංකාවේ ජනපි‍්‍රය චරිතයක් වෙනවට

සේමිණි ඉද්දමල්ගොඩ... දශක දෙකක් පුරාවට කලාවේ විවිධ ඉසව්හි සැරිසරමින් එකිනෙකට වෙනස්වූ චරිත විද්‍යමාන කළ අපේ කලාව සතු අපූරු දක්‍ෂතාවන්ගෙන් පිරිපුන් රංගනවේදිනියකි. වසර කිහිපයක් කලාවෙන් ඈත්ව සිටි මේ සොඳුරු රුවැති, නිහතමානී ප‍්‍රවීණ කලා ශිල්පිනිය උදාවූ 2020 නව වසරේ සුබ සිහින දකිමින් නැවතත් සුපුරුදු කලා ගමන ඇරැුඹූ මොහොතක...  මෙලෙස දොඩමළු වූවාය.

‘‘ඇත්තටම මගේ කලා ගමනේ ආරම්භයත් අහම්බයක්.

මම කලාවට පිවිසෙන්නේ විවාහයෙන් වසර ගණනකට පසුව. ඒ මගේ සැමියාගේ පූර්ණ ආශිර්වාදයද සමගින්. ඔහු කවදත් මගේ ගමනට අත හිත ලබාදුන්නා. එය අදටත් එලෙසමයි.’’

විවාහයෙන් පසු කලාවට පිවිසියත්, ඔබ ලොකු කැපකිරීම් සිදුකරමින් ඉදිරියට පැමිණෙනවා.

ඔව්. මම කලාවට පිවිස දශක දෙකක් ගත වුණත් අඩු නිර්මාණ දායකත්වයක් තමයි එළිදක්වා තිබුණේ. නමුත් ඒ සෑම තැනකදීම එකිනෙකට වෙනස්වූ චරිත රඟ දක්වමින් ලැබුණු දේට උපරිම සාධාරණය කරන්න මම වග බලා ගත්තා. ඒ නිසාම මට ඒ හැම චරිතයම වගේ සුවිශේෂිතයි. චරිත වෙනුවෙන් කළ කැපකිරීම් ගැන කතා කිරීමේදී ටෙලි නාට්‍ය කිහිපයකත් චිත‍්‍රපට කිහිපයකදීත් මා කළ රංගනයන් අමතක කරන්න බැහැ. මම හිතන්නේ මටත් වැඩිය ඒ චරිත රසිකයින්ට මතකයි. ‘කළුවර ගෙදර’ සහ ‘ස්වයංජාත’ ටෙලි නාටක වගේ ‘28’, ‘යකඩ පිහාටු’, ‘සුදු හංසි’ සහ ‘සිනහව අතරින්’ චිත‍්‍රපට මගේ රංගන ජීවිතයේ මතකයෙන් නොමියුණු නිර්මාණ දායකත්වයන් අතර ප‍්‍රමුඛ ස්ථානයක තිබෙන බව කියන්නට සතුටුයි.

ඔබ වේදිකාවේදී සහ සිනමාවේදී හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා.

ඔව්. ‘පුංචි ආදර බලකිරීමක්’ නම් වූ වේදිකා නාටකය වෙනුවෙන් මම වේදිකාවේ හොඳම නිළිය ලෙස සම්මාන ලබනවා. ඒ වගේම ‘28’ සිනමා සිත්තමේ රංගනය වෙනුවෙන් ඉකුත් වසරේදී හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානය ලැබුවා. ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය සම්මානයට අවස්ථා ගණනාවකදී නිර්දේශිත නාමයන් අතරට පැමිණියත් සම්මානය හිමි වුණේ නැහැ. නමුත් හොඳම ටෙලි නිළිය ලෙස නිර්දේශිත නාමයන් අතරට පැමිණීමත් මම හිතන්නේ සම්මානය හිමිවීමකට සමානයි.

ඉකුත් කාල සමයේදී ඔබ කලාවෙන් ඈත්ව සිටිනවා.

විශේෂයෙන් ටෙලි නාට්‍ය රඟපෑමෙන්....

මම වසරකට චිත‍්‍රපට දෙක තුනක රඟපානවා. හැබැයි ඒ චිත‍්‍රපට මට විශේෂිත විය යුතුයි. මොකද.. මගෙත් රඟපෑමේදී තෝරා බේරා ගැනීමක් තිබෙනවා. විශේෂයෙන් මගේ රංගන දක්‍ෂතා හඳුනාගෙන ඒවා නිරූපණය කිරීමට මට ලැබී තිබෙන ඉඩහසර ගැනත් මම සොයා බලනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා කීවොත් වඩාත් නිවැරදියි. අනික තමයි මෙතනදීත් මට කියන්න තියෙන්නෙ ආවාට ගියාට රඟපාන්න බැහැ කියලා.

කලාව සමඟ ඉදිරියට යන නවක පරපුරට ප‍්‍රවීණයකු ලෙස ඔබ ලබාදෙන ඔවදන...

මෙහෙමයි.. දැන් ඉන්නෙ නිව් ජෙනරේෂන් එකේ කට්ටියක්. ඒ අය බොහෝ විට වැඩිහිටියන් ලබාදෙන උපදෙස් පිළිගන්නෙ නැහැ.

ඔවුන් හුඟක් වෙලාවට විශ්වාස කරන්නේ ටෙක්නොලජී එක. හැබැයි අධ්‍යාපනය කලාවට හරි වැදගත්. විනයත් ඒ වගේමයි. තමන් ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, කරන්නෙ මොනවාද කියලා හරියට තේරුම් ගත යුතුයි. ඒ වගේම හැම දෙයක් ගැනම අප්ඬේට් විය යුතුයි. අද සමහර වෙලාවට අලූත් අය අනවශ්‍ය විදිහට පුම්බන්නෙ මාධ්‍ය හරහා. එසේ නොකර ඔවුන්ට තමන්ගේ හැකියාවෙන් සහ දක්‍ෂතාවයෙන් දියුණුව කරා යන්නට අවස්ථාව ලබාදිය යුතුයි. ඒ වගේම සමහරුන්ට කලාවට පැමිණි විගසම ලොකු ලොකු සම්මාන පුදදීමත් සිදුකරනවා. එවැනි දේ බොහෝ විට සිදුවන්නේ නිසි ක‍්‍රමවේදයකින් තොරවයි. මම ඒ කාලේ මගේ ආර්ටිකල් කරලා දෙන්න කියලා පත්තරවලට කතා කළේ නැහැ. නමුත් මා වෙනුවෙන් ආර්ටිකල් කළ යුතු කාලසීමාවන්හිදී ඒ අය මා සොයා ආවා. ඒක විශාල ගෞරවයක්. නමුත් අද පවතින තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඒ ගැන මම මීට වැඩිය යමක් කිව යුතු නැහැ කියලයි මම හිතන්නේ.

ඔබ රංගන ශිල්පිනියක නොවුණා නම්... ජීවිතය කොතනට ගලා යයිද?

අපෝ... එහෙම නොවුණා නම් මම ගෘහණියක්. ඒ වගේම ව්‍යාපාරික කාන්තාවක ලෙසත් ඉඳීවි. මම කොහොමත් දැනටත් ව්‍යාපාරිකාවක් තමයිනේ. මම රංගනයට එන්නේ විවාහයෙන් පස්සෙ. දැන් විවාහ වෙලත් අවුරුදු විසිපහක්.

ඔබේ සුන්දරත්වය ඇතුළේ යම් සැඩ පරුෂ චරිතයකුත් ජීවත්වන බව පෙනෙනවා. ඇත්තටම ඔබ කුමනාකාරයේ චරිතයක්ද? මම අහන්නෙ සැබෑ ජීවිතයේ..

මම හොඳට හොඳයි. නරකට අන්තිම නරකයි.

වර්තමාන කලාවේ ගමන් මඟ පිළිබඳව ඔබට යමක් පැවසීමට තිබේදැයි මා විමසුවොත්..

පසුගිය දස වසරක කාල සමයේදී කලාව විතරක් නෙවී සෑම අංශයකින්ම අපි ගව් ගණනක පසුබෑමක සිටි බව පිළිගත යුතුයි. ඒ කාල සමයේදී බොහෝවිට සිදුවූයේ අනවශ්‍ය දේ පමණයි. පිටරට කසිකබල් නිර්මාණ අපේ රටට ගෙනාවා. අපි නිකන් බාල්දු වුණා. නිර්මාණකරුවන්ට වැඩ නැති වුණා.

විවිධ දුෂ්කරතා ඇති වුණා. කලාවේ විවිධ අංශයන්හි මාෆියාවන්, ඒකාධිකාරයන් ඇතිවුණා. හැබැයි 2020 කියන්නෙ හැම අතින් සුබ සිහින දකින වසරක්. මම හිතනවා කලාවේ සෑම අංශයකම සුබ අනාගතයක පෙර නිමිති දකින්නට තිබෙනවා කියලා. 2020 අලූත් අවුරුද්ද වගේම මිනිසුන් ආකල්පමය ලෙස වෙනස් විය යුතුව තිබෙනවා. අපට ඒ සැබෑ වෙනස රට වෙනුවෙන් ඇති කළ හැකියි. මෙයට ප‍්‍රධානතම හේතුව වන්නෙ රටට හොඳ එඩිතර, නිවැරදි නායකත්වයක් ලැබී තිබීම. අද රටේ සෑම තැනකම ඇතිවී තිබෙන නව පිබිදීමෙන් පෙන්නුම් කරන්නෙ රටේ හෙට දවස සුබවාදී බව. එදා රටට ඉදිරියට යන්න විශාල බාධකයන්ව තිබුණේ නිසි මඟ පෙන්වීම කරන්නට සෘජු, එඩිතර නිවැරදි නායකත්වයක් නොතිබීම.

කලාව සමඟ ආ ගමනේදී සපුරා ගතයුතු යම් ඉලක්කයක් ඔබට තිබුණාද?

මට එහෙම ලොකු ටාගට්ස් තිබුණේ නැහැ. මේ ගමන ආරාධනාවකින් ආපු ගමනක්. එකක් අහම්බයක්. මම කාගෙවත් පසුපස ගියේ නැහැ. නමුත් මට අවස්ථා ලැබුණා. මට අවශ්‍යව තිබෙන්නෙ හොඳ පිළිගත් රංගන ශිල්පිනියක ලෙස මියයන්න. මම මේ යමින් පවතින්නෙ ඒ ගමන. මම මිනිස්සු අතර ඉන්නවා. ඔවුන් මට ආදරය කරනවා. ඒ නිසා මම හිතනවා මට මේ පවතින කලාවේ ඇතුලේ නමක් තියනවා කියලා. ඇත්තටම ඒක නිහතමානීව විඳ දරා ගත යුතු විශාල සතුටක්.

කුමලි අශේකා.... ඔබේ දියණිය ඇයත්.. ඔබේ ගමන් මඟ තෝරාගනීවිද?

නැහැ. නමුත් ඇයට රංගනයට හැකියාව වගේම දක්‍ෂතාවන් තිබෙනවා. ඒත් මම කැමැති නෑ ඇය ලංකාවේ ජනපි‍්‍රය චරිතයක් වෙනවට. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔබ වුණත් මගෙන් අහන්න පුළුවන්. නමුත් මෙය කිව යුතුයි. ජනපි‍්‍රය පුද්ගලයන් දිහා සමහරු බලන්නෙ ද්වේශයෙන්. තමන්ට යන්න බැරි තැනකට වෙන කෙනෙක් යන නිසා එහෙම බලනවා වෙන්නත් පුළුවන්. අද මේ කලාව ඇතුළේ ජනපි‍්‍රය වෙන්න සමහරු කරන වැඩ නිසාත් රඟපෑම කියන මේ වෘත්තිය දිහා හුඟක් අය බලන්නෙ පිළිකුලෙන් සහ කලකිරීමෙන්. ඉතිං... ඒ වගේ තත්ත්වයක් යටතේ අපි හුඟක් දේවල් ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව තිබෙනවා.

ඉදිරියේදී ඔබව දැකිය හැකි නිර්මාණ පිළිබඳව පැවසුවොත්...

තේජා ඉද්දමල්ගොඩගේ ‘ආශාවරී’ චිත‍්‍රපටයේ වෙනස්ම වූ චරිතයක් රඟපෑවා. ඒ ගැන මගේ බලාපොරොත්තු බොහොමයි. ඒ වගේම පි‍්‍රයන්ත කොළඹගේගේ ‘මන්දිරා’ චිත‍්‍රපටයේත් රඟපෑවා. බලමු.. මේවා තිරගත වුණාම කතා කරන්න බොහෝ දේ ඉතිරිවෙයි.

හොඳයි. 2020 නව වසර වෙනුවෙන් ඔබට ආදරය, ගෞරවය පුදන රසිකත්වයට මොනවද කියන්න තිබෙන්නේ.

තමන්ට හැකි ලෙස කාට හෝ පිහිට වෙන්න. අඩු තරමින් සිනහවෙන් හෝ සංග‍්‍රහ කරන්න.

ඔව්. දැන් මම ආවාට ගියාට ටෙලි නාට්‍යවල රඟපාන්න යන්නෙ නැහැ. මටත් වටිනාකමක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන මුදල ලැබිය යුතුව තිබෙනවා. සමහර වෙලාවට මම රංගන දායකත්වය ලබාදෙන නිර්මාණය හොඳනම් මුදල විශාල සාධකයක් කර ගන්නෙ නැහැ. කොහොමටත් විවිධ වූ හේතු නිසාවෙන් මම වසර පහක් පමණ ටෙලි නාට්‍යවලින් ඈත්ව සිටියා. ‘මාද ඔබම විය’ ටෙලි නාට්‍යය වෙනුවෙන් තමයි මම අන්තිමට රඟපෑවේ.

සිනමාව සමඟ යනෙන ගමන ගැන මොකද හිතන්නේ.

සුජීව තත්සර






No comments:

Post a Comment

Post Bottom Ad