හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිළුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 18, 2020

හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිළුවක්

හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිළුවක්

ජපානය,  වියට්නාමය,  ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුලු රටවල් ගණනාවකට ප්‍රහාර එල්ල කර ලක්ෂ ගණන් මිනිස් ජීවිත විනාශ කර දෑත්වල ලේ තවරාගත් ඇමරිකාව අපේ හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිලුවක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (17) පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
 
එහිදි ඔහු මෙසේද පැවසීය.
 
''යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව යුද අපරාධ චෝදනා නගමින් ඇමරිකාවට ඇතුල්විම තහනම් කරන්නේ පදනම් විරහිතවයි. ඔහු වැරදිකරුවෙක් කළ අධිකරණය කුමක්ද? ඒවගේම ඔහු යුද්ධය කළේ තනිවම නෙවෙයි. ඇයි ඔහුට පමණක් මේ චෝදනා? මේ තහනම් ගේන්නේ ත්‍රස්තවාදය පරාජය කිරිමට ඔහු කළ තීරණාත්මක දායකත්වයද?
       
ඒක එහෙම නම් ඇමරිකාව 2001දි ත්‍රස්තවාදයට එරෙහිව ඇරඹූ ලෝක යුද්ධය බොරුවක්ද?  ඔවුන් ජනාපනයට පරමාණු බෝම්බ ගහලා ලක්ෂ දෙකක් පමණ ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදුකළා. වියට්නාමයට පහර දීලා ලක්ෂ තිස් අටක් ඝාතනය කළා. ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරලා ලක්ෂ පහළොවක් ඝාතනය කළා. මේ විදිහට මිනිස් ඝාතන කළ ඇමරිකාව තමයි අද ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරන්න යුද වැදුණ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද  අපරාධ චෝදනා නගන්නේ'' යැයිද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad