කොරෝනා වෛරසය දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි එහි සිටින ශ්‍රී ලාන්කිකයන් සම්බන්ධ විශේෂ නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 23, 2020

කොරෝනා වෛරසය දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි එහි සිටින ශ්‍රී ලාන්කිකයන් සම්බන්ධ විශේෂ නිවේදනයක්


‍කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා.

සිකුරාදා සිට ඊයේ දක්වා එම වෛරසය ආසාදන වු පුද්ගලයින් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ සිකුරාදා සිට 229 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, අද වන විට තවත් 123 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව දකුණු කොරියාවෙන් හමු වූ මුළු ආසාදිතයින් ගණන 556ක් වන බවයි.

මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බව දකුණු කොරියානු අගමැතිවරයා ද සඳහන් කර තිබෙනවා.

වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පුද්ගලයින් බහුතරයක් එරට ගිනිකොනදිග තේගු නගරය අසල රෝහලක් සහ ආගමික කණ්ඩායමකට අයත් පුද්ගලයින් බව බලධාරීන් සඳහන් කළේ.

එරටින් පුද්ගල මරණ දෙකක් වාර්තා වන අතර එම අගය ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

තේගු නගරය සහ රෝහල වෛරස ආසාදිතයන් වැඩි ගණනක් හමු වූ රෝහල පිහිටි  චෙන්ග්දෝ නගර සැලකිළිමත් විය යුතු කලාප ලෙස නම් කර ඇත.

එම නිවේදනයත් සමඟ තේගු නගරයේ මාර්ග හා පොදු ස්ථානවල ජනයා ගැවසීම දැඩි ලෙස පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අනුව චීනයෙන් පසුව වෛරසය ආසාදිතයින් වැඩිම ගණනක් හමු වූ රට බවට දකුණු කොරියාව පත්ව ඇත.


          කෙසේ වෙතත් නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන අද වන විට 78,000 ඉක්මවා ඇති අතර,
එයින් ආසාදිතයින් 77 000 කට වැඩි පිරිසක්  චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.

වෙනත් රටවලින් වාර්තා වන ආසාදිතයින් ගණන 1,500කට අධිකයි. එමෙන්ම මරණ ගණන 2460 දක්වා ද ඉහළ ගොස් ඇත.

මේ අතර ජපානය  අසළ නැංගුරම් ලා තිබූ ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ වෛරසය ආසාදිතයින් මේ වන විට 600 ඉක්මවා ඇති බවයි වාර්ථා වෙන්නේ.


 මේ අතර, දකුණු කොරියාවේ කොරොනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ එරට වෙසෙන ලාංකිකයින්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, දකුණු කොරියාවේ සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදුවන බවයි.

තවද සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව එරට වෙසෙන කිසිදු ලාංකිකයෙකුට වෛසරය ආසාදනය වී නෑ.

 එමෙන්ම විගමණික සේවකයින් සහ ශිෂ්‍යයින් ලෙස දකුණු කොරියාවට ගොස් සිටින ලාංකිකයින් සංඛ්‍යාව විසි දහසකට අධිකයි.

එම පිරිස අතරින් දීගූ නගරයේ දිවි ගෙවන ලාංකිකයින් 915 දෙනෙකු පිළිබඳව තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

දකුණු කොරියාවේ වෙසෙන ලාංකික ප්‍රජාවගේ යහපත උදෙසා පැය 24 පුරා ක්‍රියාත්මක සහන මැදිරියක් ස්ථාපිත අතර, ඔවුන් සමග සබඳතා පවත්වා ගැනීම උදෙසා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් ද නිර්මාණය කර තිබෙනවා.


 හදිසි අවස්ථාවකදී 00821072221352 සහ 00821040840855 දුරකතන අංක ඔස්සේ තොරතුරු විමසිය හැකි බවයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad