ශ්‍රීලනිපට සොබාදහම් දඬුවම් දෙනවා - මරික්කාර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 23, 2020

ශ්‍රීලනිපට සොබාදහම් දඬුවම් දෙනවා - මරික්කාර්

ශ්‍රීලනිපට සොබාදහම් දඬුවම් දෙනවා - මරික්කාර්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සොබාදහම් දඬුවම් දෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදි වැඩිදුරත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

" සොබාදහම දඬුවම් දීලා ,නහයෙන් අඬනවා , යූ.එන්.පී. කාරයන්ට කරපු වැඩේට දෙවියෝ දඬුවම් දීලා. නාම යෝජනා හම්බෙන්නෙත් නෑ , සිරිසේන ජනපතිට අභියෝග කරන්නේ රොෂාන් ,බලු කුක්කෝ වගේ ඉන්නේ. ඕනේනම් පොහොට්ටුවෙන් තරග කරන්න,දිස්ත්‍රික්කයකින් දෙකයි දීලා තියෙන්නේ . යූ.එන්.පී. එකට කරපු දේ ශාපය වැදිලා තියෙන්නේ. ඇමතිකම් අරගෙන සැප විඳලා විපක්ෂයේ හිටියා වගේ කතා කරනවා. අපේ අයගේ අඩුපාඩු නිසා ඒ අයට අවස්ථාව ගියා ."

No comments:

Post a Comment

Post Bottom Ad