ලොවම භීතියට පත්කළ කොරෝනා වෛරසයට වැට බඳින්න ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් වැඩපිළිවෙලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 25, 2020

ලොවම භීතියට පත්කළ කොරෝනා වෛරසයට වැට බඳින්න ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් වැඩපිළිවෙලක්

කොරෝනා වෛරස ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, ආසියානු පැසිෆික් කලාපය තුළ වර්තමානයේ පැතිර යමින් පවතින කොරෝනා වෛරසයෙන් ගුවන් මගීන්ට හා කාර්යය මණ්ඩලයට ඇති විය හැකි බලපෑම අවම කිරීමටයි. ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා ගුවන් කාර්යය මණ්ඩලය හා සෙසු පිරිස් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රකාශ කරන්නේ.

මීට අමතරව ගුවන් යානා තුළ, ගුවන් තොටුපළවල මෙන්ම ආසියානු පැසිෆික් කලාපය තුළදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර වර්තමානයේ පවතින තත්වය පිළිබද නිරන්තර අධීක්ෂණය කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කරනවා. එසේම  ගුවන් සේවා, සෞඛ්‍ය අමාත්‍යාංශය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බලධාරීන් සමග ද සම්බන්ධ වී කටයුතු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර චීනයේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය සම්බන්ධ තත්ත්වය ගැන බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීපව අධික්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටිනවා.

ඒ අනුව හුබෙයි සහ වුහාන් ප්‍රාන්තවල ජිවත්වන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමසීම් සිදුකරමින් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන් ගෙන් මේ වන විට බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පණිවිඩ ලැබෙමින් පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

වුහාන් හි ජිවත්වන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම සඳහා බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  WeChat සමාජ මාධ්‍ය ජාල ගිණුමක් ආරම්භ කර ඇති බව සඳහන් වන අතර  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන උපදෙස් ආදියද මෙම  WeChat ගිණුම හරහා ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමට තානාපති කාර්යාලය වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.

තවද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාදුන් උපදෙස් අනුව වුහාන් ප්‍රාන්තයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන බලධාරීන් සහ අනෙක් තානාපති කාර්යාල සමග සාකච්ජා සිදුකරමින් සිටිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad