අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ - මැදගොඩ අභයතිස්ස හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 21, 2020

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ - මැදගොඩ අභයතිස්ස හිමි

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ - මැදගොඩ අභයතිස්ස හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ රට සංවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නියම සුදුස්සන් පත්කර යැවීමට හිමිවී ඇති අවසන් අවස්ථාව එළඹෙන මහමැතිවරණය බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වු උන්වහන්සේ පැවසුවේ එළඹෙන මහමැතිවරණයෙදී රට බේරා ගත් රණවිරුවන් උගතුන් බුද්ධිමතුන් වැනි පිරිස් පාර්ලිමේන්තුවට යැවීමට මහජනතාව කටයුතු කළ යුතු බවයි.

පරණ හිටපු පිරිසටම නාම යෝජනා ලබා දුන්නොතින් ජනතාවට කිසිදු සෙතක් නොමැති බවත් එම පිරිසටම ඡන්දය ලබා දීමට ජනතාවට මොඩ නොමැති බවත් උන්වහන්සේ පවසයි.

අශ්වයින් පත්කර ගැනීමට අවශ්‍යනම් බූරුවන්ට නාමයෝජනා දී වැඩක් නොමැති බවත් නියම සුදුස්සන් පාර්ලිමේන්තුවට පැමිණීමට නිවැරදි පුද්ගලයන්ට නාම යොජනා ලබා දිය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad