එජාප අර්බුදය අවසන් - කරු-සජිත් තනතුරු ගැන එකගතාවක - රනිල් දින 2ක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 20, 2020

එජාප අර්බුදය අවසන් - කරු-සජිත් තනතුරු ගැන එකගතාවක - රනිල් දින 2ක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් ‌මෙතෙක් මතුව තිබූ අර්බුදය අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.

එජාප නායකයන් හා කතානායක කරු ජයසූරිය මහතා අතර සති අන්තයේ පැවැති සාකච්ජාවන්හිදී ‌මෙම අර්බුදය විසදා ගැනීමට සමත්ව ඇති බව වාර්තා‌ ‌වේ.

ඒ අනුව පළමු සාකච්ජාව පැවැත්වී ඇත්තේ කතානායක කරු ජයසූරිය මහතා හා විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික ‌පෙරමුණේ පක්ෂ නායකයන් සමගය. මෙම හමුවට චම්පික රණවක, රාජිත ‌සේනාරත්න ඇතුලු පක්ෂ නායකයන් රැසක් සහභාගීව සිට ඇති බව දැනගන්නට තිබේ.


මෙහිදී පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට භාරගන්නා ‌ලෙසත්, අගමැති අපේක්ෂකත්වය සහ නව සන්ධානයේ නායකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට බාර ‌දෙන ‌ලෙසත් පක්ෂ නායකයන් කරු ජයසූරිය මහතාට ‌යෝජනා ‌කොට ඇති අතර ඊට ජයසූරිය මහතා එකගතාව පළ ‌කොට ඇත.

එමෙන්ම එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂය තුළ ලබා දිය යුතු ස්ථානය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ජා වී තිබේ.

කෙසේවෙතත් ඊ‌යේ (18) උදෑසන කරු ජයසූරිය මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ජාවක් පැවැත්වුණු අතර එහිදී නායකත්වයෙන් ඉවත් වන ‌ලෙසට ජයසූරිය මහතා වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට ඇත.

ජයසූරිය මහතා ‌වික්‍රමසිංහ මහතාට එහිදී ‌පෙන්වා දී ඇත්තේ ඉකුත් වතාවේ මන්ත්‍රීවරුන් 63 ‌දෙනකු‌ෙගේ අත්සන් සහිත ලිපියක් තමන් ‌වෙත ලැබුණු බවත්, ‌මේ තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වනු ඇති බවත්ය.

එම නිසා වහාම නායකත්වයෙන් ඉවත් වී බහුතර මතයට අනුව කටයුතු කරන ‌ලෙස ඉල්ලා ඇති ජයසූරිය මහතා වික්‍රමසිංහ’ මහතාට පක්ෂය ඇතුළේ විශේෂ තනතුරක් ලබා ‌දීමට සූදානම් බවත්, තමන් යටතේ වික්‍රමසිංහ මහතාට ‌හෝ ඔහුට හිතවත් මන්ත්‍රීවරුන්ට කිසිදු හානියක් වීමට ඉඩ ‌නොතබන බවට සහතිකයක් ලබා දීමටත් කටයුතු ‌කොට ඇත.

කෙසේවෙතත් ‌මෙහිදී වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාට සදහන් ‌කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දීම සදහා තමන්ට දින 2ක් ලබා ‌දෙන ‌ලෙසය.

No comments:

Post a Comment

Post Bottom Ad