නායකත්වය හරියට ලැබෙනවා නම් මේ රට නැඟිටින්න සුදානම් - විමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 7, 2019

නායකත්වය හරියට ලැබෙනවා නම් මේ රට නැඟිටින්න සුදානම් - විමල්

නායකත්වය හරියට ලැබෙනවා නම් මේ රට නැඟිටින්න සුදානම් - විමල්

රටට නිවැරදි නායකත්වයක් ලැබෙන විට රටේ ජනතාවද කාර්යක්ෂමව කටයුතු කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

ඊයේ (06) කොළඹ පැවැති ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගම්මිරිස් වැනි දේ මෙරටට ගෙනැවිත් ප්‍රතිඅපනයනය කරන බවයි.

ඒ නිසාවෙන් දේශීය ගම්මිරිස් ගොවීන්ගේ මිල ගණන් පහළ ගිය බවද පැවසු ඒ මහතා, ඊයේ දිනයේ දී පිටරටින් ගම්මිරිස් ගෙන්වීම නතර කිරීමට තීන්දු කළා පමණයි රුපියල් 40 0ට පමණ තිබු ගම්මිරිස් මිල අද දිනයේ දී රුපියල් 800 දක්වා වැඩි වී ඇතැයි ද කියා සිටියේය.

නායකත්වය නිසි ලෙස ලැබෙන්නේ නම් ලංකාව නැඟිටීමට සුදානම් රටක් බව මෙයින් පෙනී යන බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad