රාජිත සැඟවී සිටියේ කථානායක නිල නිවස අසළ තැනකලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 27, 2019

රාජිත සැඟවී සිටියේ කථානායක නිල නිවස අසළ තැනකලු

රාජිත සැඟවී සිටියේ කථානායක නිල නිවස අසළ තැනකලු

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් තිබෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් 26 වනදා දක්වා සැඟවී සිටියේ බත්තරමුල්ලේ පිහිටි කථානායක නිල නිවාස ආසන්නයේ බව තොරතුරු හෙළිදරව් වී තිබේ. 

ඉකුත් 24 වනදා රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලදී. ඉන්පසු රාජිත සේනාරත්න මහතා ආගිය අතක් සොයා ගැනීමට පොලීසියට නොහැකි විය. 

සුදු වෑන් වලින් පැහැර ගත් සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි. 

ඉකුත් 26 වනදා රාත්‍රියේ සේනාරත්න මහතා නාරාහේන්පිට පිහිටි ලංකා (ඇපලෝ) රෝහලට හෘදයාබාධ කරුණක් මුල් කොටගෙන ඇතුළත් වී තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad