180,000කට රජයේ රැකියා එන මාසයේදී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 15, 2019

180,000කට රජයේ රැකියා එන මාසයේදී..

ලබන ජනවාරි මාසයේ දි උපාධිධාරින් 54,000 ක් රජයේ රැකියා සදහා බදවා ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට අමතරව තරුණ තරුණියෝ 130,000 කට රජයේ රැකියා ලබා දීමේ වැඩ පිළිවෙලක් ද ලබන වසර මුල සිට ක්‍රියාත්මක කරන බව රණතුංග මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රජය දැනටමත් මේ සදහා මුලික කටයුතු ආරම්භ කර ඇති බව පවසන රණතුංග මහතා දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමක් ම ආවරණය වන පරිදි රැකියා 130,000 ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි කියා සිටියේ ය.

මේ වන විට රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණියේ බදවා ගැනිම් සදහා ද අ.පො.ස සාමාන්‍ය පෙළ විෂයයන් හයයි දෙකක් සමත්ව තිබීම අනිවාර්ය වී තිබේ. මේ නිසා අඩු ආදායම්ලාභී පවුල් වල තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට බැදීමට නොහැකිව ඇත. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ද ආරක්ෂා කර ගනිමින් එවැනි අයට රාජ්‍ය සේවයට ද එක් විමට ඉඩකඩ සලසා දිමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිමට රජය අපේක්ෂා කරන බව ද රණතුංග මහතා කීවේ ය.

රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල දි කිසිදු දේශපාලන භේදයක් නොසලකා අදාළ සුදුසුකම් අනුව විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරීමට රජය තිරණය කර ඇතැයි ද රණතුංග මහතා කීවේ ය.

පසුගිය යහපාලන රජය උපාධිධාරින් නොසලකා හැරිය බව පැවසු රණතුංග මහතා උපාධිධාරින්ට රැකියා ලබා දිමේ ක්‍රමවේදයක් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ක්‍රියාත්මක කල බව පෙන්වා දුන්නේ ය. උපාධිධාරින් රජයේ සංවර්ධන වැඩසටහන් සදහා ප්‍රායෝගිකව දායක කර ගැනිමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරිණි. රජයේ ආයතනවල පුරප්පාඩු සදහා උපාධිධාරින් බදවා ගැනිම ප්‍රතිපත්තියක් ලෙස පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කෙරිණ. ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සුසංයෝගයෙන් සැදි වත්මන් ආණ්ඩුව ද එම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් උපාධිධාරින් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ වැඩ සටහන දිගටම ක්‍රියාත්මක කරන බව රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad