මාධ්‍යවේදීන් එදා ඇමතිවරුන්ගෙන් ගුටි කෑවා - අද ඇමති මණ්ඩලය මාධ්‍යවේදීන්ගෙන් ගුටි කනවා ( VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 13, 2019

මාධ්‍යවේදීන් එදා ඇමතිවරුන්ගෙන් ගුටි කෑවා - අද ඇමති මණ්ඩලය මාධ්‍යවේදීන්ගෙන් ගුටි කනවා ( VIDEO)

මාධ්‍යවේදීන් එදා ඇමතිවරුන්ගෙන් ගුටි කෑවද මේ වන විට  ඇමති මණ්ඩලය මාධ්‍යවේදීන්ගෙන් ගුටි කමින් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (12) වොර්ටස් එජ් හෝටලයේදී පැවති මාධ්‍යවේදී හමුවේදීය.

එපමණටම අසීමාන්තික මාධ්‍ය නිදහසක් වත්මන් ආණ්ඩුව විසින් ස්ථාපිත කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදීන් ඝාතනය වීම්,පහරදීම්,පැහැරගැනීම්, අතුරුදහන් කරවීම් සිදු වුවද වත්මන් ආණ්ඩුව තුළ මාධ්‍යවේදියෙකුගේ මයිල් ගහකට හෝ හානියක් සිදු නොවූ බව හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාර 3000ක් පැවති නමුත් එක තුවක්කුවක් හෝ ආණ්ඩුව පාර්ශවයෙන් පත්තු නොවූ බවද  සේනාරත්න මහතා කියාසිටියේය.

එය ආඩම්බරයට කරුණක් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad