අනුරට පළමු කැමැත්ත දුන් ඡන්ද පත්‍රිකාවල දෙවැනි කැමැත්ත සජිත්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 19, 2019

අනුරට පළමු කැමැත්ත දුන් ඡන්ද පත්‍රිකාවල දෙවැනි කැමැත්ත සජිත්ට

අනුරට පළමු කැමැත්ත දුන් ඡන්ද පත්‍රිකාවල දෙවැනි කැමැත්ත සජිත්ට

ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට පළවෙනි කැමැත්ත පළ කල ඡන්ද පත්‍රිකා රැසක දෙවැනි කැමැත්ත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබූ බව හෙළිදරව් වී තිබේ. 

ඡන්දය ගණන් කිරීමට ගිය රාජ්‍ය සේවකයන් මෙම කරුණ තහවුරු කරයි. 

ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයින් මැතිවරණ රැස්වීම් වලදී කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතාට පළමු කැමැත්ත පළ කරන යම් කෙනෙකුට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට එතැයි යැයි සැකයක් තිබේ නම් දෙවැනි කැමැත්ත ගෝඨාභය රාජපක්ෂයට එරෙහි ප්‍රතිවාදියෙකුට ලබා දෙන ලෙසය. 

2015 ජනාධිපතිවරණයේදී ද ජවිපෙ මේ ආකාරයේම කටයුත්තක නියැලෙමින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ හැකි අපේක්ෂකයෙකුට ඡන්ද දෙන ලෙස සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad