රනිල් මහ බැංකුවට විද්ද විදිහටම සජිත්ගේ ජනපතිවරණ මුදල්වලටත් විදලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 22, 2019

රනිල් මහ බැංකුවට විද්ද විදිහටම සජිත්ගේ ජනපතිවරණ මුදල්වලටත් විදලා

රනිල් මහ බැංකුවට විද්ද විදිහටම සජිත්ගේ ජනපතිවරණ මුදල්වලටත් විදලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා අරලියගහ මන්දිරයට ලැබුණු මුදල් වලට සිදුවූයේ කුමක්ද යන්න තවමත් අභිරහසක්ව පවතී.

අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට ව්‍යාපාරිකයන් විසින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබා දුන් අතර එම මුදල් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා නොලැබුණු හේතුව මත ඔහුගේ ජනපතිවරණ ව්‍යාපාරය මුදල් හිඟකම මත විශාල අසීරුතාවයන්ට මුහුණ දුන් බව වොක්ෂෝල් වීදියේ කාර්යාලයේ සිට සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම මුදල් වලට සිදු කළේ කුමක්ද යන්න පිළිබඳව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරුන් තුළ කුතුහලයක් ඇති වී තිබෙන අතර එහි එක් මන්ත්‍රීවරයෙක් වන නලින් බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍ය හමුව තබමින් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ ම ප්‍රශ්ණ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad