රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවූහොත් සජිත්ගෙන් වෙනම පක්ෂයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 20, 2019

රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවූහොත් සජිත්ගෙන් වෙනම පක්ෂයක්

රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවූහොත් සජිත්ගෙන් වෙනම පක්ෂයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවුනහොත් වෙනම පක්ෂයක් බිහි කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය  තීරණය කොට තිබෙන බව ඔහුට පක්ෂපාතී කණ්ඩායම් මෙන්ම වොක්ෂෝල් වීදියේ පිහිටි පක්ෂ කාර්යාලයේ සිට මැතිවරණය මෙහෙයවූ පිරිස් මේ වනවිට ඉඟි පළ කරමින් සිටි.

සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බවටද මේ වන විට සජිත් ප්‍රේමදාස පාර්ශවය විසින් ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන්නේ එහි එක් පියවරක් ලෙසය.

70 වන වියේ පසු වන රනිල් වික්‍රමසිංහ මහතා 1994 සිට පුරා වසර විසිපහක් පක්ෂයේ නායකත්වය තුළ සිටීම මිසක් පක්ෂය අගාධයට ගියා මිස පක්ෂයේ කිසිදු වර්ධනයක් සිදු නොවූ බවද මෙම මන්ත්‍රීවරුන්ගේ අදහස වේ. මෙම තත්වය මත ඉදිරි මහා මැතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තරග කිරීම තේරුමක් නැති වැඩක් බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි. 

මෙම තත්වය මත ඉදිරි දින කිහිපය එක්සත් ජාතික පක්ෂයට ඉතාමත් වැදගත්වන අතර ඉදිරි මහ මැතිවරණය සඳහා ඉතා පැහැදිලි ලෙසම රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ තරග නොකිරීමට ද මෙම මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

වෙනම තරග කිරීම තුලින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබා ගැනීම සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේදී රාජ්‍ය නායකත්වය සඳහා යන ගමනට වඩාත්ම ප්‍රයෝජනවත් බව ඔහුට පක්ෂපාතී පිරිස පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad