ජනපති හා අගමැති අතර හමුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 20, 2019

ජනපති හා අගමැති අතර හමුවක්

ජනපති හා අගමැති අතර හමුවක්

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ඊයේ (19) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි වාර්තා වේ.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුද්ගලයෙකු වශයෙන් මේ සම්බන්ධව සියලුම පාර්ශ්ව සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට තමන් සූදානම් බවයි.

මෙම කරුණ පිළිබඳ කථානායක කරු ජයසුරිය මහතා, පක්‍ෂ නායකයන් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (20) දිනයේදී පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad