සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. ඇමතිලා අස්වෙන්නේ එයටයි.. මහ මැතිවරණයෙන් පසු විපක්‍ෂ නායක වෙන්න සජිත් සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 18, 2019

සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. ඇමතිලා අස්වෙන්නේ එයටයි.. මහ මැතිවරණයෙන් පසු විපක්‍ෂ නායක වෙන්න සජිත් සූදානම්..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැදුණු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙ නව දේශපාලන පක්ෂයක් බිහිකිරීමට සූදානම්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් ඔවුන් විසින් ඉදිරි මහ මැතිවරණයට පෙර මෙම තීන්දුව ගැනීමට තීරණය කර ඇත.

එහි මුල් පියවරක් වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මැති ඇමැතිවරු සිය ධූරවලින් ඉල්ලා අස්වෙමින් සිටින බව ද වාර්තා වෙයි.

මෙම කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ මහ මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාට වඩා වැඩි ආසන ප‍්‍රමාණයක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා ගැනීමත් එමගින් එජාපයේ බලය අල්ලා ගැනීමත්ය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිවරයාට සුබ පතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වන බවත් නැවත ජනතා සේවයට පැමිණෙන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad