මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කරන්න ප‍්‍රබල ඇමතියෙක් කොල්ලුපිටියේ කුමන්ත‍්‍රණයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 17, 2019

මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කරන්න ප‍්‍රබල ඇමතියෙක් කොල්ලුපිටියේ කුමන්ත‍්‍රණයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම ආරම්භ කර ඇති බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

කොල්ලුපිටියේ විශේෂ ස්ථානයක දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ශී‍්‍රලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ශ්‍රී ලංකා තීන්දු කළ පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ 2කට එළැඹිය ඇතැයිද කියා සිටියේය.

පළමු තීන්දු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය භාවිතාකර අර්බුද ඇති කිරීම බවත් දෙවැන්න වන්නේ මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කිරීම බවත් ඔහු සඳහන් කළේය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කුමන්ත‍්‍රණයේ සිටින බවටද මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad