ජනාධිපතිවරණය කැදවීම එන සතියේ.. නාම යෝජනා ගැනීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 14, 2019

ජනාධිපතිවරණය කැදවීම එන සතියේ.. නාම යෝජනා ගැනීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න

ශ්‍රී ලංකාවේ 07 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ නිල නිවේදනය මැතිවරණ කොමිසන් සභාව විසින් ඉදිරි සති අන්තයේදී නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරණය කැඳවීමේ බලතල 15 වැනිදා සිට මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණ පනත අනුව පවරා ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන ලදී.

ඒ අනුව ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ලබන එළැඹෙන 22දා නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස දෙවැනි සතියේදී සිදු කිරීමට ඉඩ ඇති බව බවත් ජනාධිපතිවරණය නොවැම්බර් 16 හෝ 23වනදා යන දින දෙකෙන් එකක දී පැවැත්වෙනු ඇති බවත් තව දුරටත් වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad