කථානායක කරු විශේෂ ප්‍රකාශයක්… සජිත් පිල කැළඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 17, 2019

කථානායක කරු විශේෂ ප්‍රකාශයක්… සජිත් පිල කැළඹෙයි

මන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඉදිරිපත් වන්නේ විධායක ජනාධිපති අහෝසි කිරීමේ සඳහාම බව කතානායක කරු ජයසූරිය මහතා පැවසූ බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ අතර කථානායක කරු ජයසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බවට වාර්තාවෙයි.

ඔහුගේ මෙම ප්‍රකාශය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක් වනු ඇති බව එජාපයේ ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර පාර්ලිමේන්තුවේ වාර්තාකරුවන් කියා සිටින්නේ කථානායක කරු ජයසූරිය මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට කිහිප විටකම ප්‍රකාශ කර ඇති බවයි.

ඊයේ පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ පාර්ශ්වයේ ඇමැතිවරුන් කිහිපදෙනකු අද මංගල සමරවීර මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් කිසිසේත්ම වෙනත් පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ රහස් ඡන්දයක් හෝ පවත්වා ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ලෙසත්ය.

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් මා ඇමතුහ.

ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ මා හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද මාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසය.

එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, තමන් එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි.

පළමුවෙන්ම මා කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි.

කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණි.

එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.

එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව මාගේ හැඟීමයි.

කරු ජයසුරිය,
කථානායක


No comments:

Post a Comment

Post Bottom Ad