පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර වෙනුවෙන් ඩී.බී. හේරත්, මනෝජ් සිරිසේන සහ ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 17, 2019

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර වෙනුවෙන් ඩී.බී. හේරත්, මනෝජ් සිරිසේන සහ ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

භිනව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.

ප්‍රථමයෙන් ඩී.බී. හේරත් දිවුරුම් දුන්නේ සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහායි.

එමෙන්ම, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මනෝජ් සිරිසේන අද පස්වරුවේ නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ චන්ද්‍රසිරි ගජධීරගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.

මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ ශාන්ත බණ්ඩාර යළිත් එම ධුරයේම අද දිවුරුම් දෙනු ලැබුවා.

කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු සන්ධාන ලැයිස්තුවේ මීළඟට වැඩි ඡන්ද ලබාගෙන සිටි ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණේ හිස් වූ මන්ත්‍රී ධූරයට මනාප ලැයිස්තුවෙන් පත්වීම සඳහායී.

එහෙත් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් එම ධූරයට හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.එම්.ඩී.බී. හේරත් පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත්තා.


No comments:

Post a Comment

Post Bottom Ad