රනිල් පෙරට.. කෘත්‍යාධිකාරියට අලුතින් 07ක් පත් කර යවයි.. සජිත් පිල පසු බසී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 27, 2019

රනිල් පෙරට.. කෘත්‍යාධිකාරියට අලුතින් 07ක් පත් කර යවයි.. සජිත් පිල පසු බසී !

ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයින් 07 දෙනකු ඊයේ දිනයේ පත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී පාර්ශ්වයෙන් පත් කර ඇතැයි ද සඳහන්ය.

මෙම තත්ත්වය මත එහි සංයුතිය වෙනස් වන අතර රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී පිරිස ඉහළ යනු ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයට බහුතරය අහිමි වණු පරිදි අලුතෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් 30 දෙනකු පත් කිරීමට අගමැතිවරයාගේ කණ්ඩායම තීරණය කර ඇති බවද වාර්තා විය. දැ

දැනට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් 63 දෙනෙකු සිටින අතර එය 93ක් දක්වා පත්කිරීමට ව්‍යවස්ථානුකූලව අවස්ථාව ඇත.

ඇතිව තිබෙන තත්වය මත සජිත් පිලේ වැඩි මන්ත‍්‍රී පිරිසක් සිය සටන්කාමීත්වය අතහැර මැද තැනකට පැමිණ ඇතැයි වාර්තා වන අතර තවත් පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතා වෙනම පක්‍ෂයකින් හෝ ඉදිරිපත් විය යුතුය යන මතයේ සිටන බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad