මාලිංග රට හැර යයි.. ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවෙක් වෙයි.. එහිම පදිංචි වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 21, 2019

මාලිංග රට හැර යයි.. ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවෙක් වෙයි.. එහිම පදිංචි වෙයි..

ශ්‍රි ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ශ‍්‍රී ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට පදිංචියට යාමට සුදානම් වන බව වාර්තා වෙයි.

දැනටමත් මාලිංග එරට ස්ථිර පදිංචිය ලබා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක කුසලාන තරගාවලියෙන් පසු මාලිංග තම පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත.

කෙසේ වෙතත් බංග්ලාදේශය සමගින් මේ මස අවසානයේ පැවැත්වෙන පළමු එක්දින තරගයට සහභාගී වීමෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ මාලිංගට ඕස්ට්‍රේලියාවේදී පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමටද අමවස්ථාවක් ලැබී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad