මුස්ලිම් වෙළෙද ප්‍රජාවට දංකොටුව සතිපොළ තාවකාලිකව තහනම් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 25, 2019

මුස්ලිම් වෙළෙද ප්‍රජාවට දංකොටුව සතිපොළ තාවකාලිකව තහනම් වෙයි

මුස්ලිම් වෙළෙද ප්‍රජාවට දංකොටුව සතිපොළ තාවකාලිකව තහනම් වෙයි

මුස්ලිම් වෙළෙද ප්‍රජාවට තාවකාලිකව දංකොටුව සතිපොළ භූමියෙහි වෙළදාම් කටයුතු තහනම් කිරීමට පියවර ගන්නා ලෙසට වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දන්වා තිබේ.

ලිපියක් මගින් සභාපති ‌කේ. වී. සුසන්ත පෙරේරා මහතා පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේදී සිදුවූ අන්තවාදී ක්‍රියාවන් හේතුවෙන් දංකොටුව සතිපොළ භූමියට පැමිණෙන වෙළද ප්‍රජාව අතර මුස්ලිම් ප්‍රජාවද සිටින බැවින් ප්‍රදේශවාසීන් හා වෙළද ප්‍රජාවගේ දැඩි විරෝධතාවය තමන් වෙත ප්‍රකාශ කර ඇති බවයි.

මේ හේතුවෙන් සාමකාමී වාතාවරණයට බලපෑමක් සිදු කිරීමට ඉඩ ඇති බැවින් මුස්ලිම් වෙළද ප්‍රජාවට තාවකාලිකව දංකොටුව සතිපොළ භූමියෙහි වෙළදාම් කටයුතු තහනම් කිරීමට කටයුතු කරන ලෙසට වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා දංකොටුව පොලිස ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad