දෙපිරිසක් අතර ආරවුලක් දුරදිග යාමෙන් අවට බුදු මැදුරකට හානි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 21, 2019

දෙපිරිසක් අතර ආරවුලක් දුරදිග යාමෙන් අවට බුදු මැදුරකට හානි

දෙපිරිසක් අතර ආරවුලක් දුරදිග යාමෙන් අවට බුදු මැදුරකට හානි

ස්ථානයේ හිමිකම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව බුදුමැදුරකට හානිකර ඇති පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

කිසියම් පිරිසක් මෙලෙස හානි සිදුකර ඇත්තේ ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම රෙස්ට් හවුස් හන්දිය අසළ පිහිටි බුදුමැදුරටයි.

ඊයේ රාත්‍රියේ මෙලෙස බුදුමැදුරට සහ එහි තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේට හානිකර ඇති බව අනාවරණ වී ඇත.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අතර කලක සිට පවතින ආරවුලක් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම බුදුමැදුර වසර 100කට වඩා පැරණි බුදු මැදුරක් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වැලිගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad