ගෞරවාන්විත ලෙස ඉවත්වෙන බව ජනපති කියලා තිබෙනවා - මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 22, 2019

ගෞරවාන්විත ලෙස ඉවත්වෙන බව ජනපති කියලා තිබෙනවා - මහින්ද

ගෞරවාන්විත ලෙස ඉවත්වෙන බව ජනපති කියලා තිබෙනවා - මහින්ද

ගෞරවාන්විත ලෙස තමන් ඉවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවත් ඔහුගේ අනුගාමිකයන් වෙනත් ප්‍රකාශ කරන බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

බෙල්ලන්විල විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එසේම අලුත් මුස්ලිම් නායකත්වයක් පක්ෂය තුළ ගොඩනගන බවත් ඔහු සඳහන් කළේය.

“එතුමා (ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා) කියලා තිබෙනවා මම එන්නේ එක්වරයි. එදා වචනයක් කිව්වනේ. මගේ කාර්ය භාරය ඉටුකරලා මම ඉවත්වෙනවා. ගෞරවාන්විත ලෙස ඉවත්වෙනවා කියලා. එතුමා කියලා නෑ (නැවත තරග කරනවා කියලා) ගෝලයේ තමයි නොයෙක් දේවල් කියන්නේ.”

No comments:

Post a Comment

Post Bottom Ad