බදියුදීන් FCIDයෙන් පිටව යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 25, 2019

බදියුදීන් FCIDයෙන් පිටව යයි

බදියුදීන් FCIDයෙන් පිටව යයි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා මේ වන විට එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

ලංකා සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය.

අමාත්‍යවරයා අද උදෑසන 10ට පමණ එම ස්ථානයට වෙත පැමිණ ඇති බව වාර්තා විය.

2014 – 2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ 257000ක් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි ලැබී තිබු අතර ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට අමාත්‍යවරයා එහි කැඳවා තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad