පොලිස් ලොක්කන් 5කට ස්ථාන මාරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 25, 2019

පොලිස් ලොක්කන් 5කට ස්ථාන මාරු

පොලිස් ලොක්කන් 5කට ස්ථාන මාරු

සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සහ පොලිස් අධිකාරීවරුන් හතරදෙනකු ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

එලෙස ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලබා දුන් උසස් පොලිස් නිලධාරීන් පහත දැක්වේ.

  • ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යූ.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක මහතා    –  යාපනය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට නුගේගොඩ  කොට්ඨාස භාර නිලධාරි ලෙස
  • පොලිස් අධිකාරී ටී.ජී.එන්.ඩබ්.ඩී. තල්දූව මහතා –  ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට යාපනය කොට්ඨාස  භාර නිලධාරි ලෙස
  • පොලිස් අධිකාරී  එච්.එස්.එන්. පීරිස් මහතා  –  මන්නාරම කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරි ලෙස
  • පොලිස් අධිකාරී බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා –  මානව සම්පත් කළමනාකරණ  කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට  මන්නාරම කොට්ඨාස භාර නිලධාරි ලෙස
  • පොලිස් අධිකාරී එස්.පී. රණසිංහ මහතා –  නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස

No comments:

Post a Comment

Post Bottom Ad