දොස්තර ෂාෆිට එරෙහි පැමිණිලි 300 ඉක්මවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 31, 2019

දොස්තර ෂාෆිට එරෙහි පැමිණිලි 300 ඉක්මවයි

දොස්තර ෂාෆිට එරෙහි පැමිණිලි 300 ඉක්මවයි

සිසේරියන් සැත්කම් හරහා කාන්තාවන් වඳභාවයට පත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (30) දිනය වනවිට ලැබී තිබූ සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව  300 ඉක්මවා ගොස් තිබූ  බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ එම පැමිණිලි භාරව සිටින නිලධාරියෙක් සඳහන් කළේය.

ඊයේ දිනයේ පමණක් පැමිණිලි 99 ක් ලැබී තිබූ අතර, එම පැමිණිලි  ඉදිරිපත් කළ කාන්තාවෝ⁣නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය සහ මාවතගම යන  ප්‍රදේශවල පදංචිකාරියෝ වෙති.

කෙසේ වුවද මේ වනතෙක් ලැබී ඇති පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවන්ගේ පමණක් වීම විශේෂ කරුණක් බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මෙලෙ පැමිණිලි කිරීමට පැමිණි පොල්පිතිගම පදිංචි 34 හැවිරිදි එක්දරු මවක තම අත්දැකීම විස්තර කරමින්,

“මම 2017 අවුරුද්දේ තමයි ඩොක්ටර් ෂාෆි අතින් සිසේරියන් සැත්කමට ලක්වුණේ. මේ සැත්කමේදී පළමු දරුවා ලැබුණාම මට ගොඩාක් අමාරු වුණා. මට දවස් ගාණක් යනකල් නැගිටගන්නවත් බැරි වුණා. ඊට පස්සේ නැවත රෝහලට ඇතුළත් වෙලා පරීක්ෂා කරලා බලනකොට තමයි දැනගත්තෙ මගේ වැදෑමහ කොටස අයින් කරලා තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ ඒ ඩොක්ටර්ම තමයි දෙවැනි පාර බට දාලා මගේ වැදෑමහ කොටස අයින් කළේ. දැන් මට නිතරම කොන්දේ අමාරුව හැදෙනවා. නිදියන්න අමාරුයි. ඊට පස්සේ මට නැවත දරුවෝ ලැබුණෙත් නැහැ. මේ නිසාමයි මම පැමිණිලි කරන්න ආවේ" යනුවෙන් කියා සිටියාය.

මේ අතර, වෛද්‍ය ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් සිදු කරවාගෙන, මෙතෙක් නැවත පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බව කියන කාන්තාවන් 08 දෙනකු  ඊයේ (30දා) දිනයේද   දඹුල්ල, සීගිරිය සහ ගලේවෙල පොලීසිවලට  සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව දඹුල්ල පොලීසියට හා රෝහලට ලැබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 42කි.

මෙම මවුවරුන් 2013 වසරේ සිට 2015 වසර දක්වා අතර කාලයේ දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූති සඳහා නේවාසිකව නැවතී, සිසේරියන් සැත්කම් මගින් දරුවන් බිහි කළ මවුවරුන් බව පොලීසිය පැවසීය.

මෙම මවුවරුන් සියලු දෙනාම කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් තුළ තම සිසේරියන් සැත්කම් සිදුකළ බවත්, ඉතාමත් විනෝදකාමී ලෙස එම සැත්කම් සිදුකළ බවත්ය. මෙම සිද්ධිය අනාවරණය වනතුරු තමන්ට දරුවන් නොලැබීම පිළිබඳ විවිධ වෛද්‍යවරුන්ට පෙන්වා උපදෙස් ලබාගත් බවද ඔවුහු කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad