සහරාන්ලා සමග සබඳතා පැවැත්වූ දුරකථන ඇමතුම් 1800ක් ගැන සීඅයිඞී විමර්ශන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 31, 2019

සහරාන්ලා සමග සබඳතා පැවැත්වූ දුරකථන ඇමතුම් 1800ක් ගැන සීඅයිඞී විමර්ශන

සහරාන්ලා සමග සබඳතා පැවැත්වූ දුරකථන ඇමතුම් 1800ක් ගැන සීඅයිඞී විමර්ශන

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය එල්ල කරනු ලැබූ සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් නව දෙනා භාවිත කළ ජංගම දුරකථන සමඟ සම්බන්ධතා පැවත්වූ ඇමතුම් එක්දහස් අටසියයක් පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශ්ලේෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. 
 
මෙම පුද්ගලයන් තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් සමග සබඳතා පැවත්වූයේ කුමන අරමුණකින්ද, ඔවුන් කවුද සහ ඔවුන් හා බෝම්බකරුවන් අතර පැවති සබඳතාව කුමක්ද යන්න අනාවරණය කරගැනීම මෙහිදී පොලිසියේ අරමුණ වී ඇත.
 
පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සොයාගෙන ඇති ලැප්ටොප් පරිගණක 23 ක්, ඩෙක්ස්ටොප් පරිගණක 3 ක්, පරිගණක දෘඪ තැටි 30 ක්, ජංගම දුරකථන සහ ටැබ් 138 ක්, පෙන් ඩ‍්‍රයිව් 12 ක්, සීඞී, ඞීවීඞී සහ ඞීවීආර් තැටි 67 ක්, සහ සිම්කාඞ් 142 ක් සම්බන්ධයෙන්ද මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇත.
 
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් නව දෙනකු ඇතුළුව පුද්ගලයන් 81 දෙනකු දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින අතර රඳවා ගැනීමේ නියෝග යටතේ ඔවුන් පිළිබඳ ඉදිරි විමර්ශන සිදුවෙමින් තිබෙන බවද රුවන් ගුණසේකර මහතා ස`දහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad