අරියාලේ හොර වැලි වැටලූ STF එකට කාන්තාවන්ගෙන් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 19, 2019

අරියාලේ හොර වැලි වැටලූ STF එකට කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්

යාපනයේ අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමක නියැළුණු පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට
පහරදි රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනකු ඇතුළු හත්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියකු යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

16දා පස්වරුවේ මෙම සිද්ධිය වී ඇති අතර ජාවාරම්කරුවන් පොලිස් විශේෂ කාර්ය බළකායට විරෝධය පෑම සඳහා කාන්තාවන් පිරිසක් ජාවාරම සිදුවන ප්‍රදේශයට එවා තිබේ.  ඔවුන් මාර්ග අහුරමින් බාධා සිදුකොට නිලධාරීන්ට පහරදී ඇත.  අත් අඩංගුවට ගත් පිරිස අරියාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවද පොලිසිය පවසයි. සැකකරුවන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධික්ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.

-චාමර අමරසුරිය-

No comments:

Post a Comment

Post Bottom Ad