දරුවා සඟවගෙන පියාගෙන් කප්පම් ඉල්ලූ මව අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 11, 2019

දරුවා සඟවගෙන පියාගෙන් කප්පම් ඉල්ලූ මව අත්අඩංගුවට


වවුනියාව, නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේදී අවුරුදු 8ක් වයසැති දරුවෙකු සඟවා විදෙස්ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ බිළිඳාගේ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
 පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 08ක් වයසැති ටී.තමිලවන් නැමති දරුවා පසුගිය 06 වැනිදා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 35ක මුදලක් ඉල්ලා සිටින බවට දරුවාගේ මව විසින් පසුගිය 07 වැනිදා පුලියන්කුලම් පොලීසිය වෙතට පැමිණිලි කර තිබේ. අනතුරුව පුලියන්කුලම්
පොලීසිය විසින් අදාළ කප්පම් මුදල් ඉල්ලූ බවට සැකකරුණු දුරකථන අංක ඔස්සේ සිදුකරන ලද පරීක්ෂණවලදී පසුගිය 07 වැනිදා සවස වනවිට පැහැර ගැනුණු දරුවා වවුනියා ඕමන්ත ප්‍රදේශයේ පාසල් මාර්ගයක පිහිටි නිවසක සඟවා සිටියදී සොයා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු හා යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පැහැර ගැනුණු දරුවාගේ මව ප්‍රදේශයේ බැංකු කිහිපයකට හා මූල්‍ය ආයතන කිහිපයකට ණයවී ඇති හෙයින් අදාළ ණය මුදලින් බේරීමට විදෙස්ගතව සිටින සිය සැමියාගෙන් මුදල් ගැනීම සඳහා මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවයි.

 එහිදි මවගේ සහෝදරයෙකු සහ පියාගේ සහෝදරයෙකු මෙම සැලසුමට සහාය ලබා දීම හේතුවෙන් ඔවුන් දෙදෙනාද දරුවාගේ මව සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පැහැරගැනුණු දරුවාගේ මව ප්‍රදේශයේ බැංකු කිහිපයකටහා මූල්‍ය ආයතන කිහිපයකට ණයවී ඇති හෙයින් අදාළ ණය මුදලින් බේරීමට විදෙස්ගතව සිටින සිය සැමියාගෙන් මුදල් ගැනීම සඳහා මෙම සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවයි.

 එහිදි මවගේ සහෝදරයකු සහ පියාගේ සහෝදරයෙකු මෙම සැලසුමට සහාය ලබා දීම හේතුවෙන් ඔවුන් දෙදෙනාද දරුවාගේ මව සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මව ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන  වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කනගරායන්කුලම් පොලීසියට භාරදීමට පුලියන්කුලම් පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad