ස්වර්ණවාහිනියේ වැඩ තහනම්වූ සේවකයින් අතර නදීක හා තිලිණි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 19, 2019

ස්වර්ණවාහිනියේ වැඩ තහනම්වූ සේවකයින් අතර නදීක හා තිලිණි

https://www.gossiplankanews.com/2019/03/swarnavahini-strike-nadeeka-thilini.html#more
පුද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනිය තුළ ඇතිව තිබෙන සේවක අර්බුදය නිසා මේ වන විට වැඩසටහන් විකාශය අවුල් සහගතව ඇත දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශය පවා සජීවී බව හඟවමින් පටිගත කළ වැඩසටහනක් ලෙස විකාශය කරන්නට සිදුව ඇත්තේ මැදිරි තුළ නිෂ්පාදන අංශ වැඩ වර්ජනයක නිරත වීම නිසාය.
ලයිව් ඇට් සෙවන් නිවේදක නදීක කරුණානායක සහ තිළිණි පෙරේරා ඇතුළු 15 දෙනෙකුගේ පිරිසක් සේවයෙන් පහකිරීම මුල් කරගෙන
මෙම සේවක ගැටලුව පැනනැගී  ඇතැයිද වාර්තාවේ.
පාලන අධිකාරිය වෙනස් වීම, ගුණාත්මක වැඩසටහන් නොමැති වීම, වැටුප් වැඩි නොකිරීම වැනි හේතුන් මත ඊයේ (18) දින 250ක පමණ සේවකයින් පිරිසක් වෘත්තිය

සමිති රැස්වීමක් පවත්වා ඇති අතර ඒයට සහභාගී වූ ප්‍රවෘත්ති නිවේදකයන් ඇතුළු 18 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මුදිත විජේසුන්දර, නදීක කරුණානායක ,ප්‍රසන්න සමරසේකර ,තිලිණි පෙරේරා ,නුවන් ජයවික්‍රම ,ජෝසප් බැසිල් රෝයි ,වසන්ත සිංහපුර ,රෝහණ විමලසිරි ,චන්දන සෙනෙවිරත්න ,අරුණ වාසුන්දර,ලලිත් වීරතුංග ,සුරාජ් ගමගේ ,අරුණ ඩයස් ,සම්පත් තිලකවික්‍රම ,
නයන උජිත් යන සේවකයින්ගේ වැඩ තහනම් කොට ඇත. ඔවුන්
අවුරුදු 10කට වැඩි කාලයක් ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කළ පුද්ගලයින් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
සේවකයන් එක්ව වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට යාම ආයතනයේ නීති අනුව කළ නොහැකි බව ප්‍රධාන විධායකවරයාගේ අදහස වී තිබේ.

ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබෙන බව අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.

සේවකයන් පාලනාධිකාරියට පැය 18ක කාලයක් තුළ මෙයට විසඳම් ඉල්ලා තිබෙන අතර තවම ගැටලුව නිරාකරණයවී නැත.
සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්ව තිබේ. ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවටද ආරංචි පළව ිතබේ.

No comments:

Post a Comment

Post Bottom Ad