කැත්තක් සහ පොරවක් අතින් ගෙන නිරුවතින් යකා නැටූ යුක්රේන ජාතිකයාව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 21, 2019

කැත්තක් සහ පොරවක් අතින් ගෙන නිරුවතින් යකා නැටූ යුක්රේන ජාතිකයාව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කරලා

අත් පොරවක් සහ කැත්තක් අතැතිව මීගමුව සංචාරක පුරවරයේ පළඟතුරේ මුහුදු තීරයේ සංචාරකයන් බියවද්දමින් නිරුවත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටි යුක්රේන ජාතිකයෙක්  සංචාරක පොලිසිය
පෙරේදා 19 දා
සවස අත්අඩංගුවට ගනු ලැබීය.

පොරොවකින් හා කැත්තක් සමගින් වෙරළ තීරයේදී අත්අඩංගුට ගෙන තිබෙන්නේ පොත්ක් පොලව් යට්වේන් (31) නමැති යුක්රේන ජාතිකයෙකි.

ඔහු මුළුමනින්ම නිරුවත්ව පොරොවක් හා කැත්තක් අතැතිව සිටි බැව් පොලිසිය කියයි.  පොලිසිය මෙම යුක්රේන ජාතිකයාට ඇඳුම් අන්දවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුවේ මූලස්ථාන පොලිසියට බාර දී තිබේ.
පසුව මොහු මීගමුව දිසා රෝහලට බාරදුන් අතර සැකකාර යුරේන ජාතිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝහලට යොමුකරනු ලැබිය.

මීගමුව සංචාරක පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


No comments:

Post a Comment

Post Bottom Ad