කිංසි පාර උදෑසන වන්වේ කාලය වැඩිකෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 17, 2019

කිංසි පාර උදෑසන වන්වේ කාලය වැඩිකෙරේ


ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා සෑම සතියේ දිනකම හෝර්ටන් පෙදෙස කිංසි පාර හන්දියේ සිට
කේරී විද්‍යාල හන්දිය දක්වා
උදෑසන 7.30 සිට උදෑසන 8.00 දක්වා කාලය තුළ එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරීමට කටයුතු කර ඇත.
නමුත් තවදුරටත් කොළඹ දෙසට ගමන් කරන වාහන වැඩියෙන් කොළඹට ඇතුළු කිරීමේ අරමුණින් 2019.02.18 වන දින සිට එම කාලය උදෑසන 7.00 සිට උදෑසන 8.00 දක්වා වැඩිකර ඇත.
කිසි රීජන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් කරන වාහන මරදාන, බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඩ් පෙදෙස දෙසට ගමන් කරවීමට කටයුතු කල හැකි බවද පොලිසිය දන්වා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad