රෝහල් ගතවෙන්න හිමිනමට පහරදුන් මහරගම නාගරික මන්ත්‍රී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 1, 2018

රෝහල් ගතවෙන්න හිමිනමට පහරදුන් මහරගම නාගරික මන්ත්‍රී අත්අඩංගුවට


මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහරගම නගර
සභාවේ නාගරික
මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍රන් විසින් මහරගම සුදර්ශණාරාම විහාරස්ථානයේ විහාරවාසී කොට්ටාවේ හේමාලෝක ස්වාමීන්වහන්සේට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ ස්වාමීන්වහන්සේ මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාරලබන අතර පහරදුන් නාගරික මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙමළ ජාතිකයෙකු වන මෙම මන්ත්‍රීවරයා මහරගම නගර සභාවේ බයිසිකල් කණ්ඩායම ඉල්ලා අස්වූ පසු පොදුජන පෙරමුණු (පොහොට්ටු) කණ්ඩායමට ඇතුලත් වූයෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු බවද කියැවේ.
අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

No comments:

Post a Comment

Post Bottom Ad