මිය ගිය කතකගේ ගර්භාෂයකින් දරු උපතක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 6, 2018

මිය ගිය කතකගේ ගර්භාෂයකින් දරු උපතක්



මියගිය කාන්තාවක කෙරෙන් ලබාගෙන බද්ධ කරන ලද  ගර්භාශයකින් පළමු වරට නිරෝගී බිලිඳකු උපත ලබා ඇති බව බ්‍රසිලයෙන් වාර්තා වේ. ගර්භාශ සංකුලතා භේතුවෙන් දරුඵල ලැබීමට අසමත් කාන්තාවන් හට
ප්‍රතිකාර කිරීම සඳහා  ගර්භාෂ බද්ධ කිරීමෙන් ඉදිරියේදී වඩාත් සාර්ථක ඵල නෙළාගත හැකි වනු  ඇතැයි ශල්‍ය වෛද්‍යවරු විශ්වාසය පළ කරති.

තවමත් පරීක්ෂණ අදියරේ
පවතින ගර්භාශ බද්ධය ඉතා අසීරු ශල්‍යකර්මයක් වන අතර නාරීවේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ වර්ධනය වෙමින් පවතින අංශයක් වේ. ගර්භාශය ලබාදී තිබූ කාන්තාවගේ වයස අවුරුදු 45ක් වූ අතර ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණේ මොළයේ අභ්‍යන්තර රුධිර වහනයන් ඇති වන ආඝාතයක් නිසාය. ඇගේ සිරුරෙන් ගර්භාශය ඉවත් කර, දරුඵල අපේක්ෂිත කාන්තාවගේ සිරුරට බද්ධ කිරීමේ ශල්‍යකර්මයට පැය 10ක් පමණ ගත වී තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad