වැඩිම කාලගුණික විපර්යාස ඇති රටවල් අතරින් දෙවන ස්ථානය ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 8, 2018

වැඩිම කාලගුණික විපර්යාස ඇති රටවල් අතරින් දෙවන ස්ථානය ලංකාවට


වර්ෂ 1998 සිට 2017 දක්වා කාලය තුළ කාලගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ වැඩි බලපෑමක් ඇති වූ රටවල් අතර ශ්‍රි ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබේ.

පෝලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සමුළුවේදී අවදානම් කාලගුණ තත්ත්වයන් පවතින රටවල් පිළිබඳ දර්ශකය මගින් මේ බව අනාවරණය කර ඇති බව සඳහන්.

එහි වැඩිම අවදානමක් සහිත රට ලෙස නම්කර ඇත්තේ කැරීබියානු ප්වේටෝරිකෝ රාජ්‍යයි.

ඩොමිනිකා රාජ්‍යය තුන්වන ස්ථානයටත් නම් කර ඇති අතර පස් වන ස්ථානයේ පසුවන්නේ නේපාලයයි.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ පසුගිය වසරේ මෙරට ඇති වූ නායයෑම් සහ ජල ගැලීම් වලින් පුද්ගලයින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම මෙම දර්ශකයට අනුව දශක දෙකක් තුළ ලොව පුරා සිදුව ඇති කාලගුණික ආපදා මගින් පුද්ගලයින් පන් ලක්ෂ 26,000ක් මියගොස් ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මෙම අවදානම් තත්ත්ව සැලකිල්ලට ගනිමින් ඕනෑම ආපදා තත්වයකදී ඊට මුහුණ දීම සඳහා සූදානමින් පසුවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad