පිළියන්දල විධායක නිලධාරිනිය මරාදැමූ ඥාතියා එම්සී ෆුඩ් කොර්ට් කෑම ක්‍රෙඩිට් කාඩ් එකින් ගෙවා කාර් පාර්ක් එකේ කැබ් එක නැග්ග නිසා කොටුවූ අයුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 22, 2018

පිළියන්දල විධායක නිලධාරිනිය මරාදැමූ ඥාතියා එම්සී ෆුඩ් කොර්ට් කෑම ක්‍රෙඩිට් කාඩ් එකින් ගෙවා කාර් පාර්ක් එකේ කැබ් එක නැග්ග නිසා කොටුවූ අයුරු

https://www.gossiplankanews.com/2018/12/piliyandala-murder-full-story.html#more
සුගියදා පිළියන්දල ප්‍රදේශයේ නිවසකදී  විධායක ශ්‍රේණියේ කාන්තාවක රැකියාවකට යාමට සූදානම්වූ අවස්ථාවක ඇයව මරාදමා ඇය සතු රන්අභරණ ක්‍රෙඩිට් කාර්ඩ් ඇතුළු දේ සොරාගැනීම සිදු කළ ඇගේ ඥාති පුතෙකු බව කියන තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.
දැනට බන්ධනාගාරව සිටින මෙම තරුණයා ඇයව මරා දැමූ අයුරු
සම්පූර්ණ පාපොච්චාරණය හා පසුව සැඟව සිටි ඔහුව පොලිසිය ඉතා සූක්ෂ්ම ලෙස අල්ලාගත් මෙහෙයුම මේ වනවිට හෙළිදරව්වී තිබේ.
නිරංජනී වීරංසිහ නමැති මෙම 54 හැවිරිදි දෙදරු මව සිද්ධිය වූ දින නිවසේ සිටියේ තනිවමය. ඇය උදෑසන රැකියාවට යන්නට සූදානම්වී සිටි අවස්ථාවේ මියගිය අයට පුංචී කියන රන්දික නමැති මේ සැකකාර ඥාතියා නිවසට ඇතුළුවූ බව කියැවේ.

'මට 35 යි .මං බැඳලා එක් දරුවෙක් ඉන්නව.ඒත් බිරිය මගෙන් වෙන්වුනා. මට නඩත්තු නඩු දැම්මා ඒ නිසා මාස්පතා ගෙවන්න තියනවා.මං වාහන අමතර කොටස් පිටරටින් ගෙන්වන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේ .පදිංචිය පැල්මඩුල්ලේ. ඒත් මගේ ව්‍යාපාර වැටුනා.මට නඩත්තුව ගෙවන්න සල්ලි ඕනවුණා.
මියගිය නිරංජනී මගේ දුරින් නෑදෑයෙක් එයා 'පුංචි' කෙනෙක් වෙනවා. මං ඒ නෑකම නිසා ඒ නිවසට වරින්වර ඇවිත් ගිහින් තියනවා. මං එදා උදේ එහේ ගියේ සල්ලි ටිකක් ඉල්ලගන්න

පුලුවන්ද බලන්න මොකද එයා හොඳ රස්සාවක් කරේ මට උදව්වක් නොකරාවි කියල හිතුවෙ නෑ.

එත් පාන්දරින්ම ගෙදර ආව නිසා පුංචි හොඳ මූණක් පෙන්නුවෙ නම් නෑ. මට වාඩිවෙන්න කියල කතා කරා මං බොන්න වතුර ඉල්ලුවා.එයා මට වතුර වීදුරුවක් ගෙනත් දුන්නා. මම ඒක බීලා ටීපෝඑක උඩ තියලා ආව කාරනාව කතා කරා.එයාගෙත් සල්ලි ඉල්ලුවා. එයා ගත් කටටම කිව්වේ මා ළග ඇති සල්ලියක් නැහැ කියලා. මේ විදිහට ගෙවල් වලට සල්ලි ඉල්ලන් එන්න එපා කියල මට බැන්නා.මමත් එයාට බැන්නා.කතාව දුරදිග ගියා. මම එයාට අතිනුත් ගැහුවා. ඒපාර එයා බිම වැටුණා. මං හිතන්නෙ සිහිසුන් වුණා.

ඒ වෙලාවෙ මං එයාව  නානකාමරයට ඇදගෙන ගියා. එයාගෙ ගාව තියන වටින දේ මොනවද කියල බැලුව රත්තරන් බඩු දැක්කා මං ඒවා ගත්තා. පර්ස් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් විතරයි සල්ලි වැඩිය තිබුනෙ නැහැ. ඒවත් ගත්තා. ඒත් මෙයාට සිහිය ආවොත් මං ඉවරයි කියල තේරුණා. ඒ නිසා කුස්සියට ගිහාම මට හොඳ පිහියක් හම්බ වුණා.

මං ඒකින් එයාව මැරුවෙ ගෙළ කපලා.මුලින් මං මරන්න හිතාගෙන නෙමේ එහේ ගියේ. ඒත් එහෙම කරන්න වුණා. සාක්කි ඇතිවෙයි කියල හිතුණ නිසා පිහිය හෝදලා කුස්සියෙම තිබ්බා.
ටීපෝ එක උඩ තිබූණ වතුර විදුරුවෙ මගේ ඇඟිලි සලකුණු අහුවෙයි කියලත් බය හිතුනා. ඒ නිසා වීදුරුව සාලෙ පැත්තක තිබුණ පොකුණට දැම්මා. ගෙට ඇතුලු වෙන වෙලාවෙ වත්තෙ හිටිය දඩෝරි බල්ලා මාව සපාකාවි කියල බයෙන් තමා එළියට ගියේ. එහෙම වුණොත් බේරෙන්න මං කුඩයකුත් අරන් තමා එළියට ගියේ.නමුත් ප්‍රශ්නයක් වුනේ නෑ. මං පසුව ඉස්සරහ දොර පිටතිත් වසාදැම්මා. එලියට ඇවිත් මහරගම පැත්තට ගියා.

ටැක්සි සර්විස් එකකට කතා කරලා කැබ් එකක් ගෙන්න ගත්තා. ඒකෙන් කොළඹ වටේ මං දවසෙම ඇවිද්දා. කැබ් සර්විස් අයියා හොඳටම යාළු කරගත්තා.

 මං එයාට කිව්වා මට අයිඩෙන්ටිය අමතක වුණා. අතේ සල්ලිත් අඩුයි රත්තරන් බඩු වගයක් තියනවා උකස් කරවල ගමුද කියල. එයා කැමති වුණා. මහරගම ටවුමෙ උකස් කඩේකින්  එයා රත්තරන් බඩු තියල මට සල්ලි අරන් දුන්නා. දවසෙම අපි එහේ මෙහේ කියා.
මං රෑ හිටියේ බොරලැස්ගමුවෙ පොඩි හෝටලේක. කැබ් එකේ අයියා එක්ක මං ඊට ප්සසෙ දවස් වලත් ගමන් ගියා.පස්සෙ දවසක එයා මට කතා කරළා හම්බවෙන්න ඇවිත් ඉන්නෙ කිව්වා. මං එළියට ආවා විතරයි මෙන්න පොලිසිය . මාව කොටුවුනේ එහෙමයි'


රන්දික නමැති මෙම සැකකාර ඝාතකයා පොලිසිය කොටුකරගත් ආකාරය ඉතා සූක්ෂ්මය. මරාදැමූ කාන්තාව එලෙස ඝාතනය කර ඇති බවට පැය කිහිපයක් ඇතුළත ඇගේ දියණියගෙන් පොලිසියට පණිවිඩයක් ලැබිණි. විවාහකවූ ඇය සිද්ධිය වූ  නිවස ආසන්න නිවසක පදිංචිව සිටින අතර ඇය තම මවගෙන් උදෑසන ඇමතුම ලැබුණ පසු නැවත කාර්යාලයට ගිය පසු ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටියත් එය නොලද නිසා මව සොයා නිවසට ගිය පසු මෙම ඝාතනය ගැන දැනගත්තාය.

පොලිසිය ආ විගස පොලිස් සුනඛයෙකු යොදා පරීක්ෂාවන් සිදු කළද ප්‍රයෝජනයක් ලබාගත නොහැකි විය. ඇඟිලි සලකුණු පරීක්ෂකයින්ටද යමක් එකවර හමුවූයේ නැත.
කෙසේවෙතත් ටීපෝව මත වතුර වීදුරුවක් තිබී ඉවත් කළ සලකුනු හමුවූ බවත් පොලිසිය සටහන් කර තිබුණි.
ඇගේ රත්තරන් බඩු හා කාඩ්පත් අතුරුදන් බවට දියණිය දන්වා තිබූ අතර නිවස වැඩිදුර සෝදිසි කිරීමේදී ටීපෝ එක යට මියගිය අයගේ ජංගම දුරකථනය තිබී හමුව තිබේ.

 පිළියන්දල පොලිස් ස්ථානාධිපති සාරානාත් සමරකෝන් මෙසේ සඳහන් කළේය.
"පස්සේ අපි මැරුණු කාන්තාවගේ ජංගම දුරකථනය අපේ බාරයට ගත්තා. ටිකවෙලාවක් යද්දී ෆෝන් එකට මැසේජ් එන්න ගත්තා. අපි පරික්ෂා කළා.
 පස්සේ දිගින්දිගටම මැසේජ් ආවා. ඒව කාපු බීපු තැන්වලට කාඩ් එකෙන් ගෙව්වම එන මැසේජ්.ඒඅනුව අපි දැනගත්තා මරණකාරීයගේ ක්‍රෙඩි ට්කාඩ්පත් කවුරුහෝ පරිහරණය කරන බව."

වෙළෙඳ ප්‍රදර්ශන කුටියක්, තලවතුගොඩ අවන් හලක් හා බම්බලපිටියේ එම්සී එකේ ෆුඩ් කෝර්ට් එකේ වෙළෙඳ සැලක නමක් එම පණිවිඩ වලින් ලැබී තිබේ.
එම ස්ථානවල ඇති සී.සී.ටී.වී.කැමරා පරික්ෂා කරන්නට පොලිසිය ඒ අනුව කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් ඒ හැම තැනකම එකම පුද්ගලයෙකු සිටින බව හසුවුවත් එම තැනැත්තා මුහුණ වැසෙන ආකාරයේ හිසෙන් කොටසක් වැසෙන ආවරණය සහිත කබායක් පැළඳ හැමතැනකටම ගොස් තිබෙන ආකාරය නිසා එහුගේ මුහුණ පොලිසියට පැහැදිලි වූයේ නැත.
ඒ තැනැත්තාව හඳුනාගන්නට හැකිදැයි මියගිය නිරංජනීගේ විදෙස්ගතව සිට පැමිණි පුතාටද පෙන්වූ නමුත් ඔහු හඳුනාගත්තේද නැත.

මේ අතර ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවීම නිසා බම්බලපිටියේ එම්සී ෆුඩ් කෝර්ට් එකෙන් කෑම ගත් ස්ථානය හඳුනාගත් පසු එම්සී කාර් පාර්ක් එකේ තිබුණ වාහනයකට මෙම තැනැත්තා නගින අයුරුද ඒ ආසන්න වේලාවක සීසීටීවී දර්ශන මගින් පොලිසියට හමු විය. එම වාහනයේ අංකය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට වාහනය පාවිච්චි කරන කුලී කැබ්රථ රියදුරා හමුවීමට හැකි විය.
'මම මේ මහත්තයා දන්නැහැ සර්. ඒත් මෙයා මේදවස්ටිකේ මේ කැබ් එකේ තමයි එහෙ මෙහේ ගියේ.. ඉන්නේ බොරලැස්ගමුවේ. එතැන මට පෙන්නත්න පුළුවන්සර්.'
රියැදුරා කිවේය.බොරලැස්ගමුව ප්‍රදේශයේ එක්තරා ලැගුම් හලකට ඒ අනුව පොලිසිය රියදුරු සමග ගියේය.
රියැදුරු ලවාම එම පුද්ගලයාට කතා කළේය. ඒ අනුව ඝාතන සැකකරු රැඳීසිටි කාමරයෙන් පිටතට පැමිණෙද්දීම නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අනුව ඔහු පොලිසියට රැගෙන ගිය පසු ඝාතනය සිදු කළ ආකාරය ගැන ලිපියේ මුලින් සඳහන් ආකාරයට පාපොච්චාරණය කළේය.
වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී  සාතනයට උපයෝගීකරගත් පිහිය නිවෙසේ මුළුතැන්ගෙයි තිබියදී සැකකරු පොලිසියට පෙන්වන ලදී. සොරකම් කරන ලද කාඩ්පත් කඩාදමා ඔහු විනාශ කර තිබූ අතර ඒවා සහ ඔහු රැගෙන ගොස් තිබූ නිවසේ යතුර බෞද්ධාලෝක මාවතේ තණබිස්සක් වෙත විසිකළ බව ඔහු කියූ නිසා ඔහු රැගෙන එහි ගොස් ඒවාද සොයාගන්නට පොලිසිය සමත් විය.
සැකකරු අධිකරනයට ඉදිරිපත් කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

තොරතුරු - කීර්ති මෙන්ඩිස්, හල්තොට විජිතා මානෙල්

No comments:

Post a Comment

Post Bottom Ad