හරීන්ගේ හා මලික්ගේ ඇමති ධූර කොටස් ඉවත් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 28, 2018

හරීන්ගේ හා මලික්ගේ ඇමති ධූර කොටස් ඉවත් කෙරේ


පෙරේදා නිකුත්වූ අතිවිශේෂ
ගැසට් පත්‍රයක් මගින්

හරින් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම යන ඇමති වරුන්
දෙදෙනාට අයත් ඇමති ධූර වලින්  ඔවුන් ඉල්ලා අස්වී ඇති බව දන්වා ඇත. එය 21 වනදා සිට බලපැවැත්වෙන බවද දන්වා ඇත.
ඒ සමගම තවත් ගැසට් නිවේදනයක් මගින් එම ඉවත්වූ ධූරවලින් කොටසකට යළි ඔවුන් පත්කර ඇති බව දන්වා ඇත.  හරින් ප්‍රනාන්දුගෙන් ඩිජිටල් යටිතල පහසුකම් යන විෂය කොටසද
මලික් සමරවික්‍රමගෙන් තාක්ෂණ හා පර්යේෂණ කොටසද ඉවත් කර තිබේ.
ඒ අනුව ඔවුන් නැවතත් ජනපති ඉදිරියේ සෙසු විෂයන් වලට අදාළව දිවුරුම් දෙනු ඇතැයි වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad