හිරුනිකා මුජබීර් පැමිණිමෙන් පසු රජයේ මුද්‍රණාලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයකට ආරක්ෂාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 6, 2018

හිරුනිකා මුජබීර් පැමිණිමෙන් පසු රජයේ මුද්‍රණාලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයකට ආරක්ෂාව


රජයේ මුද්‍රණාලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතනවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.  හිරුනිකා මුජබීර් අලවතුවල ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රිවරු රාජ්‍ය ආයතනවලට හා
රාජ්‍ය මාධ්‍ය ආයතන

කිහිපයකට පෙරේදා (04දා) ඇතුළුවීමට ගත් උත්සාහයෙන් පසුව ප්‍රධාන රාජ්‍ය ආයතන රැසකට මෙසේ  විශේෂ පොලිස් බළඇණි යෙදවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පියවර ගෙන ඇත.

රජයේ මාධ්‍ය ආයතන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණාලය ඇතුළු ආයතන කිහිපයකම ආරක්ෂාව තර කර ඇත. රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළුවීමට හෝ රාජ්‍ය දේපළවලට හානි කිරීමට කවරකු හෝ උත්සාහ කළහොත් ඔවුනගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිසියට උපදෙස් දී තිබේ.


-ශිරාන් රණසිංහ-

No comments:

Post a Comment

Post Bottom Ad