පිළියන්දල නිවසකදී රැකියාවට යන්න සූදානම් වූ කාන්තාව ගෙළ කපා මරා පැනගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 8, 2018

පිළියන්දල නිවසකදී රැකියාවට යන්න සූදානම් වූ කාන්තාව ගෙළ කපා මරා පැනගිහින්

https://www.gossiplankanews.com/2018/12/piliyandala-murder-woman.html
යේ උදෑසන පිළියන්දල ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක ගෙල කපා ඝාතනය කර තිබෙන සිද්ධිය තවම අභිරහසක් බවට පත්ව තිබේ. දෙදරු මවක වූ ඇය නිවසේ සිට රැකියාවට යන්නට සූදානම් වූ අවස්ථාවේ
නිවසේ වෙනත් කිසිවෙකු නැති වේලාවක මෙම ඝාතනය සිදුව ඇත.
ඇගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර සිරුර නිවෙසහි නාන කාමරයේ තිබිය දී ඊයේ (7) උදේ සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි.
ඇය කැස්බෑව ගුරුගම්මාන පාරේ පදිංචිව සිටි නිරංජීනී වීරසිංහ නමැති 54 හැවිරිදි දෙදරු මවකි.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අනුබද්ධ ජල අපද්‍රව්‍ය කළමනාකරණ පෞද්ගලික ව්‍යපෘතියක වැල්ලවත්ත ශාඛාවේ කාර්යාල කළමනාකාරවරිය ලෙස ඇය සේවය කරමින් සිටියාය.

ඝාතනයට ලක්වූ කළමණාකාරවරිය එම නිවසේ කලෙක සිට තනිවම

පදිංචිව සිටින අතර මිට වසර කිහිපයකට පෙර දී ඇය සැමියාගෙන් දික්කසාදවී සිටි තැනැත්තියකි.
ඇයගේ දරු දෙදෙනාගෙන් පුතා ඩුබායිහි රැකියාවක් කරන බවත් විවාහක දියණිය කැස්බෑව ප්‍රදේශයේම වෙනත් ස්ථානයක පදිංචිව සිටින බවත් වාර්තා විය.

ඝාතනයට ලක්වු කළමණාකාරවරිය ඊයේ (07) උදේ 6.30ට පමණ දියණියට දුරකථන ඇමතුමක් දී කතාබහකර ඇති අතර අනතුරුව එම දියණිය උදේ 8ට පමණ මවට දුරකථන ඇමතුම් දුන්නද ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇය මව සේවය කරන වැල්ලවත්ත කාර්යාලයට ඇමතුමක් දී විමසා ඇති නමුත් එදින නොපැමිනි බව දැන්වීම නිසා කලබලයට පත්ව ඇත. පසුව මව සොයා නිවස කරා පැමිණ ඇත. එම අවස්තාවේ අගුලු දමා දොර වසා තිබී ඇති අතර ඇය ළග තිබෙන අමතර යතුරකින් නිවසේ දොර විවෘත කර බලද්දී මියගිය අය නාන කාමරයේ උඩුබැලි අතට ලේ විලක් මැද වැටී සිටිනු දැක ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව පොලිස් නිලධාරින් පැමිණ සිදුකළ පරික්ෂණවල දී නිවසට ඇතුළු වූ කිසියම් අයකු ඇය ඝාතනය කර ඇත්තේ උදේ 6.30 ත් 8 ත් අතර කාලයේ දී බව නිරීක්ෂණය කර තිබේ. ඝාතනයට ලක්වන අවස්ථාවේ දී ඇය රැකියාව සඳහා පිටත්ව යාමට කාර්යාග නිල ඇදුම් ද හැඳ සිටි බවත් ඇය සපත්තු දෙක ද පැළැඳ සිටි නිසා නිවසින් පිටත්ව යාමට මොහොතකට පෙර මෙම සිද්ධිය සිදුවන්නට ඇති බවට සාක්ෂි ලැබී ඇත.

 ඝාතනය සිදුකළ පුද්ගලයා නිවසෙහි බඩු බාහිරාදිය හෝ අල්මාරි ආදි කිසිවක් අවුස්සා තිබී නැති අතර ඇයගේ ජංගම දුරකථනය පුනිවසේ පුටුවක කුෂන් කවරයක් ඇතුළහෙි සඟවා ගොස් ුඇති බවද සොයාගන්නට හැකිව ඇත. මෙය සොරකමකට පැමිනි අයෙකුගේ වැඩක් නොව ඇයගෙන් පලිගැනීම සඳහා කළ එකක් බවට බොහෝදුරට සැකකරන කාරණා හඳුනාගත් බව පොලිසිය දන්වා ඇත. ඝාතකයා ඝාතනයෙන් අනතුරුවී නිවසෙහි ඉදිරිපස දොරෙහි යතුරුද රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.
වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad