මෝදර - රෝයල් ගාඩන්හි වෙඩි තැබීමකින් 5 දෙනෙක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 10, 2018

මෝදර - රෝයල් ගාඩන්හි වෙඩි තැබීමකින් 5 දෙනෙක් රෝහලේ


අද (10 ) පස්වරු 03.00 ට පමණ මෝදර පොලිස් වසමේ අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය
ආසන්නයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු  වෙඩි තබා පළා යාමේ සිද්ධියක් වාර්තාවෙයි.මෙයින් කාන්තාවක ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා ඇත.
 තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධියට
සම්බන්ධ සැකකරුවන් තවම අනාවරණය වී නොමැත.
 තුවාල ලැබූ අය වන්නේ
නුවන් ප්‍රදීප් පෙරේරා - අවුරුදු 31- සමිත්පුර, කොළඹ 15.
චමින්ද කුමාර- අවුරුදු 28- සමිත්පුර, කොළඹ 15.
නාලක - අවුරුදු 30- සමිත්පුර, කොළඹ 15.
ඇන්ටන් ජෝර්ජ් සුසානි- අවුරුදු 26- සමිත්පුර, කොළඹ 15.
පුෂ්පරාජ් (ත්‍රි රෝද රථ රියදුරු)- අවුරුදු 40- සමයන් වත්ත, කෙරවලපිටිය.
ලේන් අම්මල් ප්‍රනාන්දු- අවුරුදු 58- අංක 123, අලුත් හෙට්ටිවීදිය, කොළඹ 13.
 (මෙම කාන්තාව වෙනත් ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.)
සිද්ධිය සම්බන්ධව මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad