පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීම අද (2) රාත්‍රී ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 2, 2018

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීම අද (2) රාත්‍රී ?


පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ලක්ව ලබන 3,4,5,6 විභාග කර 7 වනදා තීන්දුව ලබාදෙන්නට දින යොදාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්‍රීයේදී යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින්
ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තාවේ.
මේ ගැන ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් අද දිවයින පුවත්පත වාර්තා කර ඇත්තේ 3 වනදා විබාගයට පෙර 2 වන ඉරිදි වන අද එය අවලංගු කිරීම සිදුවනු ඇති බවයි.
මෙම තීරණය ගැන සිකුරාදා ටීඑන්ඒ සමග සාකච්ඡාවේදී ජනපති ඉඟි කර තිබූ අතර එජා පෙරමුණ සමග අද (2) සවස පැවැත්වෙන සාකච්චාවේදීද හෙලි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනපතිවරයා යම් හෙයකින් ශ්‍රේෂ්ඨාකරණයේදී වැරදි තීන්දුවක් ලබගත් බව තහවුරුවීම ඔහුගේ ජනපති ධූරය අභියෝගයට ලක්වීමට ඉඩ තිබෙන සිදුවීමක් වනු ඇති අතර ජනපති කීන්දුව හකුළාගන්නේ මේ තර්කය උඩය.
ඒ අනුව ඔක්තෝබර් 26 සිට මේ දක්වා ජනපති ලබාගත් සියලු තීන්දු ආපස්සට හරවා ගැනීමක් සිදුකරගන්නට සිදුවනු ඇති අතර අගමැති ධූරයද මහින්දගෙන් ඉවත් කර රනිල්ට හෝ වෙනත් අයෙකුට පැවරීමට සිදුවනු ඇත.

මේ ගැන පෙර වාර්තාව
7 වනදා පරාජයට පෙර ජනපති ගැසට්ටුව ඉල්ලා අස්කරගන්නා සූදානමක්


No comments:

Post a Comment

Post Bottom Ad