මහින්දට 113 හදාගන්න බැරි වුණ නිසයි මේ අවුල ඇති වුනේ - මෛත්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 9, 2018

මහින්දට 113 හදාගන්න බැරි වුණ නිසයි මේ අවුල ඇති වුනේ - මෛත්‍රී

නාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ඩේලි මිරර් පුවත්පත පැවැත්වූ අලුත්ම සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන දේශපාලන අර්බුදයට හේතුව ඔහු විසින් පැහැදිලි කර තිබුනේ පහත පරිදිය.
'මන්ත්‍රීවරු මිල වෙච්ච ආකාරය..මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ මිල ගණන් කැඳවීම් කළානේ. හරියට මේ ටෙන්ඩර් දැම්ම වගේ තමා. මං පුද්ගලිකවම දන්නවා සමහර අය මිලියන 500 ඉල්ලුවා කියලා මට දැනගන්න තියනවා. මගේ දේශපාලන ජීවිතයේදී
ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුටවත් රුපියලක්වත් දෙන්නෙ නෑ. මෙහෙම කතාවක් මං මුලින්ම ඇහුවෙ 1964 විතරයි.
මේ ප්‍රශ්නය මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයාට 113 හදාගන්න බැරිවෙච්ච කාරණාව ඔය මිල ගණන් ඉහළයාම ඒ උඩ තමයි මේක මේ... මේ විදියෙ තත්වයක් ඇතිවුනේ අවුලක් ඇතිවුනේ.

නැත්නම් මහින්ද මහත්තයට 113 හදාගන්න තිබුණනම් මාස එකහමාරක් මේ ප්‍රශ්නෙ මෙච්චරම ඇදෙන්නෙත් නැ මෙහෙම අර්බුදයකුත් නෑ. මෙහෙම දේශපාලන නොසන්සුන්තාවයකුත් නෑ

එතකොට දැන් ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාගවන පාර්ලිමේන්තුව විසිරිවීම පිලිබඳ නඩු විභාගයේ මේ ස්ථිරවම දැන්... හෙටින් අවසන් වෙනවා.. මොකද පාර්ලිමේන්තුව විසිරවීම පිලිබඳ තීන්දුවෙන් මේ අර්බුදයත් ඉවර වෙනවා. ඡන්දයකට යන්න පුලුවන් කියලා තීන්දුවක් ආවොත් ඡන්දෙකට යනවා එතකොට මේ ප්‍රශ්නෙ ඒත් ඉවරයි.
එහෙම නැත්නම්
පාර්ලිමේන්තුව විසුරන්න බෑ කියල තීන්දුවක් ආවොත් පාර්ලිමේන්තුව පවත්වන්න මං තීරණයක් ගන්න ඕන

මම කැමති අගමැතිවරයෙක් පත්කරගෙන. රනිල් වික්‍රමසිංහ මහත්තයට 224 ක් ඉන්නවනෙ. එයා කියන දේශපාලන පක්ෂ වලට තව එක්කෙනෙක්වත් නැද්ද... හෙහ් හෙහ් හේ...
සාමාන්‍යයෙන් ගමේ කථාවක් තියනවනේ ඉගිලෙනකොටයි පාට පේන්නෙ කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයත් පාට පෙනුනෙ ඉගිලෙනකොට තමයි. බලය ලැබුනාම. එයා කොච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකළත් අවුරුදු 25 ක් තිස්සේ තමන්ගේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය නොදුන් කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේ පහුගිය අවුරුදු තුනහමාරේ අගමැති විදිහට විතරක් නෙමේ..මගේ ජනාධිපති බලතලත් එයා පාවිච්චි කළා. මං කලගුණ සලන්න ඒවා නොදැක්ක වගේ හිටියා.

එයා සමහර වෙලාවට මං ජනාධිපති නෙමේ ප්‍රාදේශීය මන්ත්‍රී කියලවත් තැකුවෙ නෑ. මහ බැංකු බැඳුම් කර සම්බන්ධ හොයන්න දෙපාර්තමේන්තු

රාශියක් වැඩ කළා. පොලිස් හා අපරාධ පරීක්ෂණ වලින් රනිල්ට අවහිර වුණා කියල ඒ නිලධාරීන්ට විරුද්දව පරීක්ෂණ කළා. ඒ කාලෙ විදිහට මාවනෙ අඩි 6 ක් යටට යන්නෙ. මෙහෙම ගියානම්  මං නෙමේ මගේ මාතෘ භූමිය අඩි 6 ක් යටට යනවා.

19 වන සංශෝධය රටට හොඳයි ඒක ආරක්ෂා කරගන්න ඕන. නමුත් ඒකෙ සමහර ඇතැම් අංශවල දේශපාලන වශයෙන් පවතින දුර්වලතා තියනවා. අද කාටවත් වගනොකියන පාර්ලිමේන්තුවක් තියෙන්නෙත් ඒ නිසා. ඒ අවහිරතා නැති කරගන්න ඕන. මේ කාරණා අධිකරණයට යන්න ඕන නැ කියල මං කියන්නේ 19 වන සංශෝධනයට හදිසි වෙලා සහය දුන් අතලොස්සක් පිරිස මේකට වගකියන්න ඕන.

දැන් අගමැති ඇමතිලා නැතිව ජනාධිපති රට ගෙනියනවා. රට හොඳට යනවා දෙයියන්ගෙ පිහිටෙන් තෙරුවන් සරණින් ගැටලුවක් නෑ රට හොඳට යනවා. මේකට හේතුව රටේ ජනතාවගෙ ගුණයහපත් කම. දේශපාලන ලෝකයේ සෑම කෙනෙක්ම ඒ ලෝකයටමයටි අයිතයි. දේශපාලන ලොකයේ පුද්ගලිකත්වය තුල සදාකාලික සතුරන් හෝ මිතුරන් නෑ.

කතානායක තුමාගෙ ක්‍රියාමාර්ගය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවේචන කරා. ඒත් දැන් මාත් එක්ක අවස්තා 15 ක් පමණ එතුමා හමුවෙලා බොහෝ ගැටලු නිරාකරණය කළා. එතුමාගේ අත්දැකීම් නිසා මටයි එතුමටයි මේ ගැටලු විසඳගන්න පුළුවන් වුණා. මේ විදිහට එජාප නායකයත් වැඩ කරනවනම් මේ ප්‍රශ්නය මේතරම් දුර දිග නොගිහිං විසඳගන්න පුළුවන්'

No comments:

Post a Comment

Post Bottom Ad