ගාලු කොටුවේ ගොඩනැඟිලි 100කට වඩා විදේශිකයන්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 7, 2018

ගාලු කොටුවේ ගොඩනැඟිලි 100කට වඩා විදේශිකයන්ට


ඓතිහාසික ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් මිලට ගෙන
ඇති බවත්, ඒ හේතුවෙන් පෞද්ගලික හිමිකරුවන් සතුව තිබූ ගාලු කොටුවේ ඉඩම් රාශියක් විදේශීය ජාතිකයින්ට හිමි වී ඇති බවත් ඊයේ (6) කළ විමසුමකදී 'ගාලු උරුමය' පදනමේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමේ පසුගිය රජයේ ලිහිල් ප්‍රතිපත්තියත් සමග විදේශීය
ජාතිකයන් තැරැව්කරුවන් ලෙස පෙනී සිටිමින් ඉඩම් මිලදී ගෙන ඇති බවත්, එම ඉඩම් යළි විදේශිකයන්ටම වැඩි මුදලකට විකුණා ඇති බවත් එම ප්‍රකාශිකාව වැඩිදුරටත් ප්‍රකාශ කළාය. මේ වන විට ගාලු කොටුවේ පර්චසයක මිල රුපියල් දෙකෝටියට ආසන්න වී ඇති අතර විකුණූ ඇතැම් ගොඩනැගිලිවලට දීර්ඝ කාලීන ඉඩම් නඩු පැවතියද, විදේශිකයන්ට ඉඩම් විකිණීම හේතුවෙන් ගාලු කොටුවේ මුල් පදිංචිකරුවන්ටද සිය වාසස්ථාන අහිමි වීමේ අවදානමක් පවතී.

රජයේ ආයතන පවත්වා ගෙන යන ගොඩනැගිලි 37ක් ඇතුළු ගොඩනැගිලි හාරසිය පනහක් පමණ ගාලු කොටුවේ තිබෙන අතර ඒ අතරින් සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විටත් විදේශිකයින් මිලට ගෙන, සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බව ගාලු උරුමය පදනමේ ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය.

-මලින්ද හේරත්-

No comments:

Post a Comment

Post Bottom Ad