ආණ්ඩු පෙරළියත් එක්ක වාහන මිල අඩු වෙයිද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 3, 2018

ආණ්ඩු පෙරළියත් එක්ක වාහන මිල අඩු වෙයිද?

මෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීම පාලනය කිරීම පිණිස වාහන ආනයනය සඳහා බලපාන පරිදි පැනවූ නව නීති හේතුවෙන් රථ වාහන වෙළෙදපොළේ මේ වන විට පවතින්නේ තරමක් ව්‍යාකූල වූ තත්ත්වයකි. මෙම බලපෑම් හේතුවෙන්
ඉදිරි කාලයේදී මෙරටට වාහන ආනයනය කිරීම මුළුමනින් නතරවීමට වුවද ඉඩ ඇති බවට වාහන ආනයනකරුවෝ මීට සති කිහිපයකට පෙර අනතුරු ඇඟවූහ. කෙසේ වෙතත් පසුගියදා සිදුවූ දේශපාලන බල පෙරළිය හේතුවෙන්, රථවාහන වෙළඳපොළ හිද යම්කිසි වෙනසක් සිදුවනු ඇතිද  ්‍ යන්න ගැන බොහෝ දෙනා මේ දිනවල විමසිලිමත් වෙති.
ඒ පිළිබඳව මෙන්ම තවත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2019 වසර සඳහා වන අයවැය යෝජනා හමුවේ රථවාහන කර්මාන්තයේ අනාගතය කෙබඳු මුහුණුවරක් ගනීද යන්න ගැන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ

සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සමග කළ සංවාදයක් මෙහි පළ වේ.

• මෙරට නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාගේ නියමයෙන් පසුගියදා පත්කෙරුණා. නව රජයේ ඇමැතිවරුන් දිවුරුම් දීමද මේ දිනවල සිදුවෙනවා. නව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා (31) වැඩ භාරගත්තා. රටේ සිදුවී තිබෙන මෙම දේශපාලන බල පෙරළිය ව්‍යාපාරිකයකු ලෙස ඔබ දකින්නේ මොන විදිහටද?  රටේ ඇති වී තිබෙන දේශපාලන වෙනස ජනතාවට හිතකර එකක් වෙවි කියලා මම විශ්වාස කරනවා. මොකද පසුගිය කාලය තුළ රටේ ආර්ථිකය ශීඝ්‍රයෙන් කඩාවැටෙමිනුයි පැවැතුණේ. මම හිතනවා මහින්ද රාජපකෂ අගමැතිතුමා මේ කඩා වැටෙමින් තිබූ ආර්ථිකය නැවතත් ගොඩගැනීමට සමත්වේවි කියලා.

ඒ 2019 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉතා කෙටි කාලයක් තිබියදී තමයි මේ ආණ්ඩු පෙරළිය සිදුවුණේ. නව රජයක් බලයට පත්වීමෙ හේතුවෙන් අයවැය වෙනුවෙන් වාහන ආනයනකරුවන් ඉදිරිපත් කරන යෝජනාවල යම්කිසි වෙනසක් සිදුවේවිද? වාහන ආනයනකරුවන් විදිහට අපි මෙවර අයවැය වෙනුවෙන් අපේ යෝජනා පෙර පැවැති රජයට ඉදිරිපත් කළා. එහිදී මුදල් අමාත්‍යාංශයෙන් අපට දැනුම් දීපු කාරණයක් තමයි මේ යෝජනා සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකට සාකච්ඡාවක් ලබාදෙන්න බැරි බව. නමුත් සාමාන්‍යයන් වෙනදා සිදුවන පටිපාටිය ඒක නෙමෙයි. නමුත්, ආණ්ඩු මාරුවක් සිදුවුණා කියලා අපි ඉදිරිපත් කරන යෝජනාවල නම් කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස අද අපේ රට මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ රටේ මුදල් පිටට යාම පාලනය කළ යුතුයි. ඒ වගේම මේ වෙලාවේ රටට මුදල් අවශ්‍යයි. මේ දෙකම සමබරවෙන විදිහේ කාලීන

යෝජනා තමයි අපි මෙවර අයවැය වෙනුවෙන් නව රජයටත් ඉදිරීපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

• මොන විදිහේ ප්‍රයෝජනාද ඊට ඇතුළත් වෙන්නේ?
අපේ යෝජනා අතර ප්‍රධාන යෝජනා දෙකක් තිබෙනවා. එකක් තමයි විදේශ මුදල් අඩුවෙන් වැයවන පරිදි ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා ලංකාවට පාවිච්චි කරන ලද වාහන ගෙන්විය හැකි කාලසීමාව වසර 3 සිට 7 දක්වා ඉහළ නංවන ලෙස යෝජනා කිරීම. අද වෙද්දී තත්ව පරික්ෂණයක් සමග ප්‍රමිතියෙන් ඉහළ වාහන තමයි ලංකාවට ගෙන්වන්නන් අපට වඩා බොහෝ දියුණු රටවල් පවා වාහනවල ප්‍රමිතිය සැලකිල්ලට ගෙන වසර 10ක් පමණ දක්වා පැරණි වාහනත් ආනයනය කරනවා. ඉතින් ජපානයෙන් වසර 3 සිට 7 දක්වා පැරණි වාහනයක් ගෙන්වනවා නම් වාහනයේ වටිනාකමින් 75% පමණ වනතෙක් මිල අඩුකරගන්න පුළුවන් ඒ මිල අඩුවීමත් එක්ක එම වාහන සඳහා වැඩිපුර ලකෂ 15ක බද්දක් නියම කිරීමටත් අපි යෝජනා කර තිබෙනවා. මෙමගින් විදේශ මුදල් වැයවීම අඩුවෙනවා නම් රජයට ආදායමක් ලැබෙනවා.

• මොකද අනික් ප්‍රධාන යෝජනාවට රජයක වගකීම තමයි ව්‍යාපාර කිරීම සඳහා හිතකර පරිසරයක් රට තුළ ගොඩනැවීම. ව්‍යාපාරයක් කරද්දී අපට ඒ සඳහා විශාල පිරිවැයක් දරන්න  සිද්ධවෙනවා. අද වෙද්දී අපේ රටේ ඕනෑම කෙනෙකුට පිටරටින් වාහන ගෙන්වීමට සහ විකිණිමට පුළුවන් තත්වයක් තමයි තිබෙන්නනේ ටම් නිදහසත් එක්ක වාහන වෙළඳුන්ගේ ව්‍යාපාරය දුර්වල වෙලා ඔවුන්ට ඒවා කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. රටේ ආර්ථිකයෙන් 70% ක් පමණ පාලනය කරන්නේ පෞද්ගලික අංශය.

ඔවුන් ආදායම වැඩිවුණොන් තමයි රට සංවර්ධනයට මුදල් ලැබෙන්නේ. මේක අපේ ක්ෂේස්ත්‍රයට විතරක් බලපාන ගැටලුවක් විදිහට කරන්න බැහැ. මේ ගැන සැලකිලිමත් වෙලා නිවැරදි ක්‍රමවේදයට අනුව වාහන වෙළෙඳුන් ලියාපදිංචිය කරලා ඔවුන්ට බලපත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලීමකුත් අපේ යෝජනා අතර තිබෙනවා. මේ ප‍්‍රධාන ඉල්ලීම් දෙක හැරුණාම සාමාන්‍ය ඉල්ලීම් තමයි අපේ අනෙක් යෝජනා අතර තිබ්බෙන්නේ. රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පසුගිය රජය විසින් ආනයන රෙගුලාසි පැනවීමට පෙර වාහන ආනයනකරුවන් වසර 5කට පමණ සරිලන තරමේ වාහන තොගයක් මෙරටට ගෙන්වා ඇති බව ඇතැමුන් පවසනවා.

එය සත්‍යයක්ද? ඒක වැරදි මතයක්. කල් ගතවෙන්න වෙන්න වෙළඳපොළට එන වාහන මාදලි අලුත් වෙනවා. පාරිභෝගිකයෝ බෝහෝවිට හොයන්නේ අලුත් මාදිලිවල වාහන. මේ නිසා පැරණි මාදිලිවල වාහන
ගෙනාවොත් ඒවා අලෙවිකර ගැනීම ඉතා අසීරුයි. එහෙම වුණොත් ව්‍යාපාරිකයෝ විදිහට අපි පරාදයි. උපරිම වුණොත් තවත් මාස 6කට සරිලන තරම් වාහන අපේ වෙළඳපොළේ ඇති. ඊට වඩා වැඩි කාලයකට වාහන ගෙනැල්ලා තියෙනවා කියන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම බොරුවක්.


-ක්‍රිෂාන් කනංකේ-

No comments:

Post a Comment

Post Bottom Ad