නීත්‍යානුකූල ඕනෑම මැතිවරණයකට ගිනි නිවන හමුදාව සේ සූදානම්-මහින්ද දේශප්‍රිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 8, 2018

නීත්‍යානුකූල ඕනෑම මැතිවරණයකට ගිනි නිවන හමුදාව සේ සූදානම්-මහින්ද දේශප්‍රිය


නීත්‍යනුකුලව පැමිණෙන ඕනම මැතිවරණයකට ගිනි නිවන හමුදාව සේ සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විමසීමකදී සඳහන් කළේය.

මේ වසරට අදාළ

ඡන්ද හිමි නාමලේඛනය මේ වන විට සහතික කර තිබෙන අතර, පරිපුරක ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ලබන මාසය වන විට ඡන්ද හිමි නාමලේඛනය සම්පූර්ණ වන අතර, පළාත් සභා මැතිවරණය මූලික කර ගනිමින් නිලධාරී සංගණන වාර්තා කැඳවීම ආරම්භ කර තිබේ.

මේ නිසා ඉදිරියේදී එන ඕනෑම නීත්‍යනුකූල මැතිවරණයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවද එම කොමිසම සඳහන් කරයි. ඡන්ද හිමි නාමලේඛනයට අනුව යම්යම් දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු පිරිමින් ඉහළ ගොස් තිබෙන බැවින් දිස්ත්‍රික් පදනමින් මන්ත්‍රී ආසන වෙන් කිරිමේ කටයුතු ඡන්ද හිමි  නාමලේඛනය සකස් කිරීම සම්පුර්ණයෙන්ම අවසන් වූ පසු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad