අගවිනිසුරුවරයාගේ නුගේගොඩ නිවසේ ඇතුළුවීම අවහිර කළ අසල්වාසියා රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 7, 2018

අගවිනිසුරුවරයාගේ නුගේගොඩ නිවසේ ඇතුළුවීම අවහිර කළ අසල්වාසියා රිමාන්ඩ්


නුගේගොඩ ජය පාරේ පිහිටි අගවිනිසුරුවරයාගේ නිවෙසට අවහිරයක් වන ආකාරයට එම නිවෙස අපිට නවතා තබා තිබු මෝටර්  රථයක් ඉවත් කර ගන්නා ලෙස උපදෙස් දුන් අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව භාර පොලිස්
නිලධාරීන් දෙදෙනකුට බැනවැදී කලහකාරී ලෙස හැසුරුණු  බව කියන ගණකාධිකාරීවරයකු  නොවැම්බර් 12 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

අගවිනිසුරුවරයාගේ නිවස ඉදිරිපිට 

පදිංචි ගණකාධිකාරීවරයකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.  එකී ගණකාධිකාරීවරයා අගවිනිසුරුවරයාගේ නිවෙස් වාහන හැසිරවීමට අවහිර වන ආකාරයෙන්  එම නිවස ඉදිරිපිට ඔහුට අයත් මෝටර් රථයක් නවතා තිබූ බවත් එම  මෝටර් රථය එකී ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව භාර නිලධාරීන් දෙදෙනා සැකකාර ගණකාධිකාරීවරයාට දැනුම්දීම හේතුවෙන් කලහකාරි ලෙස හැසිරී ඇති බවද අනාවරණය වෙයි.

එම කලහකාරී සිද්ධියෙන් පසුව සැකකාර ගණකාධිකාරීවරයාගේ බිරිය එකී මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කර ගෙන ඇති බවත් එකී සිද්ධිය ඉකුත් දිනක රාත්‍රි 10.00ට පමණ සිදුව ඇති බවද වාර්තා වෙයි.
අගවිනිසුරුවරයා අභියාචනාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලය අතරතුරදීද මෙකී සැකකාර පුද්ගලයා එවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් කලහකාරී ලෙස හැසිරී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව නඩුවක් පවතින බවද අනාවරණය වෙයි. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ සැරයන් ප්‍රසන්න මහතා (56958) අධිකරණයට දැක්වූ කරුණු අනුව ඉහත සිද්ධිය අනාවරණය  කෙරුණු අතර මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානාධිපති හේමන්ත විජේවර්ධන උප පොලිස් පරික්ෂක ලක්ෂ්මන් යන නිලධාරීන්ගේ උපදෙස් මත තවරටත් විමර්ශන සිදු කෙරේ.

-කුමුදු උපුල් ශාන්ත-

No comments:

Post a Comment

Post Bottom Ad