මාතර සිසුවා ආයුධ පෙන්වන්න ගිය ගමනේදී දඬුවම වැඩිවේ යයි බියෙන් බොරු කියමින් පොලිසිය වටේ යවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 30, 2018

මාතර සිසුවා ආයුධ පෙන්වන්න ගිය ගමනේදී දඬුවම වැඩිවේ යයි බියෙන් බොරු කියමින් පොලිසිය වටේ යවයි

https://www.gossiplankanews.com/2018/11/matara-sithija-kinfe-fining-police.html
මාතර ඇලවේල්ල පාරේදී උසස් පෙළ සිසුවකු ඝාතනය කළ බවට සැකකරන සිතිජ සෞන්දර්ය සිසුවා ආයුධ පෙන්වන්න කියමින් ඊයේ පොලිසිය සමග ගියද ඔහු යොදාගත් පිහිය ඇතුළු සිද්ධියට අදාළ නඩු භාණ්ඩ ඇතැයි සිසුවා පෙන්වූ ස්ථාන සෝදිසියට ලක් කළත් කිසිඳු නඩු භාණ්ඩයක් සොයා ගැනීමට පොලිසියට හැකිව නැත.දඬුවම වැඩිවේ යයි බියෙන් ඔහු බොරු කියමින් පොලිසිය 'වටේ යවා ඇති බව' පෙන්නුම් කර තිබේ.
 සැකකරු මෙම අපරාධයට යොදාගත් නඩු භාණ්ඩ
සොයා ගැනීමට අවශ්‍ය වී ඇතැයි අධිකරණයේදී පොලිසිය කළ ඉල්ලීම මත මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයකට අනුව සැකකාර 17 හැවිරිදි සිසුවා නඩු භාණ්ඩ ඇතැයි දැනුම් දුන් ස්ථානවල‍ මෙම අපරාධය සිදු කිරීම සඳහා යොදාගත් පිහිය නායිම්බල පාලමෙන් නිල්වලා ගගට විසි කළ බවටත්
අපරාධය සිදු කරන විට සැකකරු හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් පාසල් බෑගය හා ජංගම දුරකථනය කිරඹආර ප්‍රදේශයට විසී කළැයි පැවසු බවද වාර්තා විය.
නඩු භාණ්ඩ වශයෙන් නම් කර ඒවා ඉදිරි පරීක්ෂණ වලට ඉදිරිපත් කිරීමට ඒවා විසීකර දැමූ බව කියන ස්ථාන හඳුනාගැනීම සඳහා සිසුවාගේ මග

පෙන්වීම මත බන්ධනාගාර නිලධාරින් භාරයෙන් පිටතට රැගෙන පොලිසිය ඒ කියන ස්ථාන වලට ගමන් කර තිබේ. පිහිය පාලමෙන් නිල්වලා ගඟට විසි කළ බවට සැකකරු ප්‍රකාශ කර තිබූ නමුත් පාලම අසළට ඔහු රැගෙන ගිය අවස්ථාවේදී ඔහු ඒ ආසන්නයේ ඇති එක එක පාලම් පෙන්වමින් ඒ ගැන විස්තර ඉදිරිපත් කළත් පිහිය විසිකළ බවට නිශ්චිත ස්ථානයක් නිලධාරීන්ට හෙළි නොකළේය.

ඉන් අනතුරුව අපරාධය සිදු කරන විට සැකකරු හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම්, ජංගම දුරකථනය හා පාසල් බෑගය විසි කළ බව කිරඹආර ප්‍රදේශයට රැගෙන ගිය විටදී ද ඔහු ඒවා විසි කළ නිශ්චිත ස්ථානයක් නොපෙන්වා එක එක ස්ථාන පෙන්වා පොලිස් නිලධාරීන් නොමග යවා ඇත. තමා කුරුම්බා බිව් ස්ථානයක් යයි එක්තරා නිවසක් පෙන්වූ නමුත් ඒ නිවස හිමි කාන්තාවගෙන් ලද සාක්ෂි අනුව එවැනි දෙයක් සිදුව තිබුනේ නැත.

ඝාතනයෙන් පසු සැඟව සිටි කාලයේ ඔහු දින දෙකහමාරක් කුරුම්බා පමණක් බොමින් සිටි බවත් කුරුඳු ඉඩමක සැඟවී සිටි බවත් හෙළි කර තිබූ අතර ඔහුගේ මග පෙන්වීම යටතේ  කුරුඳු ඉඩමට ඔහු රැගෙන ගිය අතර සැකකරු දින දෙකහමාරක් කුරුම්බා බොමින් සිටි බව කියන එම ඉඩමේ එකදු පොල් ගසක්වත් නොමැති බව පොලිස් නිලධාරිහු නිරීක්ෂණය කළහ. එමෙන්ම සැකකරුගේ මග පෙන්වීම මත අදාළ නිරීක්ෂණය කළත් ඒ කිසිදු ස්ථානයකින් වැදගත් කිසිදු සාක්ෂියක්
සොයාගත නොහැකි වූ බවත් පැවසූ උසස් පොලිස් නිලධාරියකුට සැකකරුගේ ඇතැම් කරුණු පරස්පර බවත් පැවසීය.

ඔහු අවසානයේ කියා සිටියේ තමන් බයට බොරු ප්‍රකාශ කළ බවයි. සැඟවූ දේවල් එළි වුවහොත් තමාට ලැබෙන චෝදනාව දරුනු විය හැකි නිසා බොරු කියූ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
පරික්ෂණවලින් අනතුරුව සැකකරු යළි මාතර බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබිය.

No comments:

Post a Comment

Post Bottom Ad