අලගියවන්න හා ශ්‍රියානි එජාපයට යනවාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 7, 2018

අලගියවන්න හා ශ්‍රියානි එජාපයට යනවාද?

https://www.gossiplankanews.com/2018/11/alagiyawanna-shriyani.html#more
ජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න සහ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස දිවුරුම් දුන් ශ්‍රියානි
විජේවික‍්‍රම  රනිල්ට

සහය දැක්වීම සඳහා එක්වන බවට ඊයේ සවස සමාජ ජාලා හරහා ප්‍රචාරය විය.
ඔවුන් මනුෂ සිදු කළ ආකාරයට සන්ධානය අගමැති ලෙස මහින්ද තේරීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කර එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බවට එම වාර්තා පළව තිබුණි.
කෙසේ වෙතත් එම අය අතුරින් රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික‍්‍රම එම කතා බොරු බවට ඊයේ ප්‍රකාශයක් සිදු කර තිබේ.
"එක්සත් ජාතික පක්ෂයෙන් අනෝමා ගමගේ මන්ත්‍රිතුමිය මට කතා කළා. අගමැතිතුමා කතා කරන්න කිව්වා කියලා. එතුමියගේ ලේකම් කෙනෙක් තමයි මමත් UNPයට යනවා කියලා දාලා තියෙන්නේ. ඒක එහෙම වෙන්නේ නෑ." යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.
ලසන්ත අලගියවන්න මහතා මේ දිනවල විදෙස් සංචාරයක නිරතවන නිසා ඔහුගේ තීරණය ගැන පැහැදිලි කිරීමක් කරන්නට කිසිවෙකු නැති නමුත් ඊයේ රාත්‍රී ජනපති සමග පැවති සාකච්ඡාවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා සහ අරුන්දික ප‍්‍රනාන්දු මේ කටකතාව ප්‍රතික්ෂේප කර තිබුනි.

No comments:

Post a Comment

Post Bottom Ad